Wednesday, November 11, 2026
HomeNEWSපර්පෙචුවල් ට්‍රෙෂරීස් ඉපයූ රු. බිලියන 8.5 ක් මහා භාණ්ඩාගාරයට

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ඉපයූ රු. බිලියන 8.5 ක් මහා භාණ්ඩාගාරයට

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාරධර්ම පද්ධතිය කඩ කරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 ක මුදල මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට යෝජනා කරනු ලබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) දින සිය අයවැය කතාවේ දී සඳහන් කරන ලදී.

“2015 පෙබරවාරි මස 1 වන දින සිට 2016 මාර්තු මස 31 වන දින දක්වා කාල සීමාව තුළ, භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳව පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මැතිතුමාගේ සහභාගීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් එවකට සිටි අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබුවා.“

“එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අනුව, 2016 පෙබරවාරි 1 වන දින සිට 2016 මාර්තු 31 වන දින දක්වා කාල සීමාව තුළ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම (Perpetual Treasuries Ltd) විසින් සේවක ආර්ථසාධක අරමුදල, වෙනත් සංස්ථාපිත ආයතන සහ රජයේ ආයතන වෙත භාණ්ඩාගාර බැඳුම්කර විකිණිමේ දී, එම සමාගම විසින් ලද ලාභය ප්‍රධාන වශයෙන් ම “මිල සංවේදී අභ්‍යන්තර තොරතුරු (price sensitive inside information) සහ වෙළෙඳපොළ අයුතු ලෙස හැසිරවීම (market manipulation) හේතුවෙන් ලබා ගෙන ඇත. ඒ අනුව, 1937 අංක 07 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන්ට මනා පරිචයක් ලබා දීම උදෙසා නිකුත් කර ඇති ආචාරධර්ම පද්ධතියේ ප්‍රතිපාදන, දැනුවත්ව, කඩ වන අයුරින් ක්‍රියාකර, රුපියල් බිලියන 8.5 ක් උපයාගෙන ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.“

“එම කොමිෂන් සභාවේ නිර්දේශ අනුව, නීතිපතිවරයා විසින් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවලට හානියක් නොවන අයුරින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම (Perpetual Treasuries Ltd) ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාරධර්ම පද්ධතිය කඩ කරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 ක මුදල මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට යෝජනා කරනු ලබනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img