Thursday, August 20, 2026
HomeNEWSපලෙයි රක්ෂිතයේ LTTE කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ පුද්ගලයෙකු අත්අඩංගුවට.

පලෙයි රක්ෂිතයේ LTTE කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ පුද්ගලයෙකු අත්අඩංගුවට.

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, තහවුරු නොකළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (18) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

අක්කරායන්කුලම් පොලිස් වසමට අයත් පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකරු සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img