Monday, November 9, 2026
HomeNEWSපවුල් ලක්ෂ 8කට අස්වැසුම පළමු වාරිකය ගෙවීම හෙටින් ඇරඹෙයි-මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන්...

පවුල් ලක්ෂ 8කට අස්වැසුම පළමු වාරිකය ගෙවීම හෙටින් ඇරඹෙයි-මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන් සේමසිංහ.

පවුල් ලක්ෂ 8කට අස්වැසුම පළමු වාරිකය ගෙවීම හෙටින් ඇරඹෙයි.
වාරික මුදල් දින දෙකක් තුළ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත..

  • මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන් සේමසිංහ

දැනට තේරීපත්වී ඇති ලක්ෂ 15 වන අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නිවැරදිව තොරතුරු තහවුරු කරගෙන ඇති ප්‍රතිලාභී පවුල් ලක්ෂ 8ක් සදහා අවශ්‍ය මුදල් සඳුදා දින මහා භාණ්ඩාගාරය මගින් බැංකු වෙත බැර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව අඟහරුවාදා හෝ බදාදා වන විට අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත සිය ජූලි මස වාරියක ලැබෙනු ඇති බවයි. අනුරාධපුරයේ අද (27) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ප්‍රතිලාභ ලැබීම සඳහා තේරීපත් ව එහෙත් බැංකු ගිණුම් ආරම්භ කිරීම ඇතුළු ගෙවීමට අදාළ මුලික අවශතා සපුරා නොමැති ප්‍රතිලාභි පවුල් ඒව කඩිනමින් සපුරාලීමේ අවශ්‍යතාව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දැනට ලැබී ඇති ලක්ෂ දහයක් පමණ වන අභියාචනා සහ එක් ලක්ෂ විසි දහසක් පමණ වන විරෝධතා සමාලෝචනය ආරම්භ වී ඇතැයි පවසන සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ එම කටයුතු අවසන් වු වහා ම අදාළ ගෙවීම් සිදු කරන බවයි.

කිසියම් පවුල් ඒකකයක් සාවද්‍ය තොරතුරු ලබා දී ප්‍රතිලාභ ලබා ගත හොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතර ලබා ගත් මුදල් නැවත අයකර ගැනීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img