Monday, November 2, 2026
HomeNEWSපසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් -අමාත්‍ය ප්‍රසන්න රණතුංග .

පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් -අමාත්‍ය ප්‍රසන්න රණතුංග .

 පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් ඉදිරිපත් කිරීමට මෙවර රජය කටයුතු කරනවා… වියදමට සරිලන ආකාරයේ ආදායමක් ජනතාවට ලැබිය යුතුයි… නවතා දැමූ නිවාස ව්‍යාපෘති අපි ආරම්භ කරන්න කටයුතු කරනවා… මැතිවරණ වලට බයේ හැංගෙන්න අපිට බෑ… ජනාධිපති රනිල් එක්ක ඉදිරියට යනවද නැද්ද කියන එක පක්ෂය තීන්දු කළ යුතු දෙයක්… මමත් අවුරුදු ගාණක් හිටියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ. මම දන්නවා ඒකේ වෙන දූෂණ…අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් ඉදිරිපත් කිරීමට මෙවර රජය කටයුතු කරන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.අමාත්‍යවරයා අවධාරණය කරන්නෙ වියදමට සරිලන ආකාරයේ ආදායමක් ජනතාවට ලැබිය යුතු බවයි.ඒ සඳහා අවශ්‍ය යෝජනා මේ වන විටත් මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබෙන බවද හෙතෙම පවසයි.අමාත්‍යවරයා මේ බව සදහන් කළේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ නත්තල් වැඩසටහන ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.නත්තල් උත්සවය වෙනුවෙන් වෝටර්ස් එජ් හෝටලය විවිද වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. එහි සමාරම්භක උත්සවය ලෙස සංවිධානය කර තිබුණේ Christmas Cake Mixing වැඩසටහනයි. ඊට එක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ආරාධිතයින් කේක් මිශ්‍රණය මිශ්‍ර කරමින් ඊට දායක වූහ.මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සහ ඇමතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය. ප්‍රශ්නය – විදුලි බිල වැඩි කරලා තියෙනවා. ජනතාව අසීරුවෙන් ඉන්නේ. නත්තල් සමයට ජනතාවට මොනවද වෙන්නේ.පිළිතුර – පසුගිය අවුරුදු කිහිපය මේ රටේ මිනිස්සු අමාරුවෙන් ජීවත් වුණා. ලෝකයම ආර්ථික අර්බුදයකට යනකොට මේ රටේ ජීවත් වන සියළු දෙනාට ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ රටේ මිනිස්සු ඉන්ධන පෝලීම් වල හිටියා, අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග තිබුණේ නෑ ඒ වගේ ආර්ථික අර්බුදයක මේ රට තිබුණා. ඒත් එක්කම අරගලය ඇවිල්ලා රට විනාශ වුණා. අද වනවිට රට යම් තැනකට එමින් පවතිනවා. අපි විශ්වාස කරනවා ඉදිරියේදී මීට වඩා හොඳ තත්ත්වයට මේ රට ගේන්න පුළුවන් කියලා.ප්‍රශ්නය – නොවැම්බර් 13 අයවැය කොහොමද සුදානමපිළිතුර – රජයක් හැටියට පසුගිය අයවැයට වඩා විකල්ප අයවැයක් ගේන්න කටයුතු කර තිබෙනවා. රටේ ජනතාවට වියදමට සරිලන ආදායමක් ලැබිය යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒ සඳහා මේ වනවිටත් මුදල් අමාත්‍යාංශයට අපේ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රශ්නය – සංවර්ධන කටයුතු නැවතීලාද තියෙන්නේ.පිළිතුර – මගේ අමාත්‍යාංශයට ආයෝජකයින් එමින් පවතිනවා. නවතා දැමූ නිවාස ව්‍යාපෘති අපි ආරම්භ කරන්න කටයුතු කර තිබෙනවා. අපි මේ අවුරුද්දේ මේ වැඩපිළිවෙල අපි කළා. ලබන වසරේදී නිවාස ආධාර හා නිවාස ණය වැඩසටහන් සිදු කරන්න අපි සුදානම් වෙලා තියෙනවා. අයවැයත් එක්ක අපේ අමාත්‍යාංශයේ කටයුතු නැවතත් යාවත්කාලීනව සිදු කරන්නට පුළුවන්.ප්‍රශ්නය – අලුත් ව්‍යාපෘති හදුන්වා දෙන්න සුදානම්ද?පිළිතුර – මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි අලුත් දෙයක් කරනවාට වඩා කරපු හොඳ දේවල් ඉදිරියට ගෙන යන්නත්. නැවතිච්ච තැන ඉදන් රට ඉදිරියට යා යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා වියදම් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අලුත් දේවල් හදුන්වා දෙන්න පුළුවන්. තියෙන තත්ත්වය තුළ අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කරගෙන ආපු හොඳ වැඩ ටික ඉදිරියට කරගෙන යාමයි. ප්‍රශ්නය – සීනි බද්ධ නිසා සීනි මිළ ඉහළ ගියා. ගෑස් මිල වැඩිවෙනවා. අයවැයෙන් අඩු වෙයිද? වැඩි වෙයිද?පිළිතුර – අයවැය යෝජනාව ඉදිරිපත් වෙන්නේ 13 වැනිදනේ ඊට පස්සේ බලා ගන්න පුළුවන්.ප්‍රශ්නය – ගෑස් මිල වැඩි වීම ගැන මොකද කියන්නේ. පිළිතුර – අපි කවුරුත් කැමැති වෙන්නේ නෑනේ. මොකද අපි නාගරිකකරණයට හුරුවෙච්ච අය. ගෑස් වලින් ජීවත් වෙන අය. වැඩි වෙනවා කියන්නේ හැමෝටම අමාරුයි. දේශපාලඥයෝ විතරක් නෙමෙයි මේ රටේ සියළුම ආර්ථික කළමනාකරණයත්වය නායකත්වය දෙන මුදල් අමාත්‍යාංශය, මහ බැංකු නිලධාරින් පවා කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි මේක. අපි හැමෝම කැමැතියි සුබසාදන ආණ්ඩුවක් ලෙස හැමදාම පවත්වාගෙන යන්න. අවුරුදු ගාණක් තිස්සේ පවත්වාගෙන ආපු එකේ ප්‍රතිඵල අපි දැන් විදිනවා. අද අපි ස්වයංව නැගිටීමයි අපේ අරමුණ වෙන්න ඕනේ. ඒ සඳහා රටම එක තැනකට එකතු වෙන්න ඕනේ. අපි කරනකොට විවේචනය කරලා කකුලෙන් අදින්නේ නැතිව වෙන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වුනෙත් ඒකමයි. ස්වෙච්චාවෙන් ගොඩ එන රජයක් ගොඩ නගන්න හදනකොට ණය නැති රටක් හදන්න හදනකොට ඒකේ ප්‍රයෝජනය අරගෙන විපක්ෂය හා සමහර කණ්ඩායම් එකතු වෙලා කරපු දෙයක්. ඒකේ ප්‍රතිඵල අපි විදිනවා. හැමදාම පිටරටවල්වලින් ජීවත් වෙන්න බෑ. අපිටම කියලා ජීවත් වෙන්න පරිසරයක් අපි හදා ගන්න ඕනේ. ප්‍රශ්නය – එන්නෙත් මැතිවරණ වසරක්. කොහොමද සුදානම.පිළිතුර – දේශපාලනයේදී මැතිවරණ වලට බයේ හැංගෙන්න අපිට බෑනේ. අපි දන්නවා ආණ්ඩු එනවා ආණ්ඩු යනවා. පසුගිය කාලේ ගෙවල් ගිනි තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුද්ගලයින්. සංවිධාන කටයුතු වල හිටියේ ඔවුන්. ගමේ ඉන්න පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ගමට එන්න බැරි වෙන්න ඉලක්ක කරගෙනයි ඒ අයගේ ගෙවල් විතරක් ගිනි තිබ්බේ. 225 ගෙවල් ගිනි තියනවා නම් ඒ තුන්දෙනාගේ ගෙවලුත් ගිණි තියන්න එපැයි. ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ආපු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවලුත් ගිනි තිබ්බනේ. ඒක සැලසුම් සහගතව කරපු දෙයක්. ඒ අය බලාපොරොත්තු වුණේ අපි ගම් ඇතැරලා යයි කියලා. අපේ මන්ත්‍රීවරු නැවත ගම්වලට ගිහින් දේශපාලනය කරනවා. එන ඕනිම අභියෝගයකට අපි මුහුණ දෙන්න සුදානම්. ප්‍රශ්නය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කද ඉදිරියට යන්නේ. පිළිතුර – ඒක පක්ෂයක් ගන්න ඕනේ තීන්දුවක්. පක්ෂේ ගන්න තීන්දුවත් එක්ක අපි කටයුතු කරනවා.ප්‍රශ්නය – පොදු අපේක්ෂයෙක් ලෙස ඉදිරිපත් වෙන කෙනාට සහයෝගය දෙනවද? පිළිතුර – මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්. ජයග්‍රහණය කරන්න පුළුවන්. කයිය නොගහන වැඩකරන නායකයකුට අපි උදව් කරනවා. ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයනේ. එතුමා කිව්වා ජ්‍යෙෂ්ඨ කෙනෙක්ට නායකත්වය භාර දෙනවා කියලා. ප්‍රශ්නය – පක්ෂයක් හැටියට මේ වනවිට සාකච්ඡා වෙමින් පවතින දෙයක්. ප්‍රශ්නය – ක්‍රිකට් සම්බන්ධව ඔබතුමාගේ අදහස මොකක්ද? මේ පරාජය ගැන.පිළිතුර – දිනුම් පැරදුම් අපි භාර ගන්න ඕනේ. ක්‍රිඩකයෝ හැටියට ජයග්‍රහණයේදී ඒ ගෞවරය ගන්නත්, පරාජයේදී ඒක විචේනය කරන්නත් නෙමෙයි. ක්‍රිඩකයෝ කවුරුත් නෑ පරදින්න. නමුත් මම අදටත් විශ්වාස කරනවා දේශපාලන මති මතාරන්තර තිබ්බත් අරජුන රණතුංග මීට අවුරුදු ගාණකට කලින් කියපු දේවල් මම දන්නවා. අවුරුදු ගාණක් යද්දි මේ රටේ ක්‍රිකට් මේ තත්ත්වයට වැටෙනවා. ගොඩ ගන්න බැරි වෙනවා කියලා එතුමා කිව්වා. එතුමා කියපු දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. ක්‍රිකට් වල පරිපාලනය විතරක් නෙමෙයි සල්ලි වලට යට වෙච්ච ක්‍රිකට් එක එතනින් අයින් කර ගන්න කටයුතු කරන්න ඕනේ. ක්‍රීඩා ඇමතිතුමා හොඳ දෙයක් කරයි කියලා රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න. එතුමා හොද තීන්දු තීරණ ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නය – ක්‍රීඩා ඇමතිතුමා කියලා තියෙනවා දැඩි තීන්දු තීරණ ගන්න කලින් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉවත් වෙන්න කියලා. ඉවත් වෙලා නෑ. පිළිතුර – ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් වෙන්න ඕනේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කොන්දේසි තියෙනවා අතුරු පාලක මණ්ඩලයට දාන්න බෑ කියලා. අරජුන රණතුංග මහත්තයා කියනවා වගේ ක්‍රිකට් මැතිවරණයක් තිබ්බත් ජයග්‍රහණය කරන්නේ බුකිකාරයෝ, සූදු කාරයෝ සල්ලි වියදම් කරන මිනිස්සු විතරයි. ක්‍රිකට් වලට ආදරේ කරන මිනිස්සු නෙමෙයි. ඒකට රටේ මිනිස්සුත් හැදෙනවා.ප්‍රශ්නය – අරජුන රණතුංග මැතිතුමා කිව්වා වගේ ඔබතුමත් පිළිගන්නවා මෙකේ සල්ලි ගසා කෑමක් වගේ සිදු වෙනවා කියලා.පිළිතුර – මමත් අවුරුදු ගාණක් හිටියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ. මම දන්නවා ඒකේ වෙන දූෂණ.ප්‍රශ්නය – ඒවා නැවතෙන්නේ නැත්තේ ඇයි ඇමතිතුමා?පිළිතුර – මම දන්නවා ඒ සම්බන්ධයෙන් ක්‍රිඩා ඇමතිතුමා හොද තීන්දු තීරණ ටිකක් අරගෙන ඒ සඳහා කටයුතු කරනවා කියලා. ඒකට හැමෝම උදව් කරයි කියලා. ඒක එහෙම කළා කියලා අවුරුද්දකින් ප්‍රතිඵල අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. අපි ක්‍රිකට් දියුණු කරන්න නම් හැමදාම අරජුන රණතුංග මැතිතුමා නායකයා වී සිටි කාලයේ ක්‍රිකට් තරගාවලි තියෙනකොට ගාල්ල මාතර, යාපනයේ, යනවා දක්ෂ ක්‍රීඩකයෝ හොයාගෙන. ඒ අය කොළඹට ගෙනල්ලා නේවාසික පහසුකම් තිබුණේ නෑ. එතුමාගේ ගෙදර ක්‍රිඩකයෝ ඔක්කොම තියාගෙන ඒ අයව ක්ලබ් වලට සම්බන්ධ කළා. ඒ ක්‍රීඩකයෝ හැදුනේ එහෙමයි. අද ක්‍රීඩකයෝ හොයන එකක් නෑ. ක්‍රිඩකයෝ ඒ මැච් එකක් ගහලා එදා වේල ටුවර් යන එකක් තියෙන්නේ. කණ්ඩායම් හැගීමකින්, තමාගේ පෞද්ගලික ජයග්‍රහන වෙනුවට කණ්ඩායමක් ලෙස තරග කලොත් තරග දිනන්න පුළුවන්. ඒ වගේම කැප කිරීමක් කරන්න පුළුවන් කණ්ඩායමක් අවොත් අපිට ක්‍රිකට් වල අනාගතයක් දකින්න පුළුවන්.මෙම අවස්ථාවට වෝටස් ඒජ් හෝටලයේ සභාපති මලිත් පෙරේරා, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක භානුක රාජපක්ෂ ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.ප්‍රදීප් අනුර කුමාර(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)077 9633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කරුණු 14 ක් අනුව ආණ්ඩුව බෞද්ධ විරෝධී ආණ්ඩුවක්- ගම්මන්පිල

2026 නොවැම්බර් 2 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම ගෝත්‍රිකයි කිවූ බිමල් රත්නායක...

මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් නිරෝගී පරපුරක් බිහි කිරීමට රජයේ විශේෂ අවධානය- අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කෙරේ. "බෝ නොවන රෝගවලින් තරුණ ප්‍රජාව මුදා ගැනීමටත්, මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් ක්‍රීඩාශීලී සහ නිරෝගී පරපුරක් බිහි...

මුරාසි’ කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්

'මුරාසි' කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවරයින් සඳහා වන විශේෂ අනතුරු ඇඟවීම. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු...

ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේදී ලෝක වෙළඳපොලේ තෙල් මිල මීටත් වඩා ඉහළ ගියා- පොහොට්ටුවේ මහ ලේකම්

කිසිදු රාජ්‍ය නායකයෙක් ජනතාවගෙන් බදු නොගත් ආකාරයට වත්මන් රාජ්‍ය නායකයා ජනතාවගෙන් බදු ගනිමින් උදම්අනන තත්වයකට පත්වී සිටින බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img