පසුගිය රජය ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ISIS සැලකිල්ලක් දැක්වූයේ නැහැ..
ජනතාවට ආරක්ෂාව ලබාදීම රජයක පරම යුතුකමයි…
ඉදිරියේදී පිහිටුවන පොදුජන පෙරමුණු රජයකින් ධීවරයින්ට සහන රැසක්..
– ශ්‍රී.පො.පෙ.නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා .
පසුගිය රජය ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් lsisÿ සැලකිල්ලක් නොදැක්වීම පාස්කු ප්‍රහාරය එල්ල වීමට හේතුවක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (2020.07.28) පස්වරුවේ මීගමුව ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධි අංශ විසින් ලබාදී තිබුණද ඒ පිළිබඳව පසුගිය රජය දැක්වූ අවම සැලකිල්ල මෙවැනි මහා ඛේදවාචකයක් සිදුවීමට හේතුවක් වූ බවයි.
පසුගිය යහපාලන රජයට ජනතාවගේ ආරක්ෂාව සැපයීමට නොහැකි වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එදා ජනතාවට පන්සල්, පල්ලි, කෝවිල් ගොස් ආගම ඇදහීමට තිබූ අයිතිය උදුරා ගැනීමක් සිදු වූ බව පෙන්වා දුන්නේය.
ජනතාවට ආරක්ෂාව ලබාදීම රජයක පරම යුතුකමයි. එම යුතුකම ඉටු කිරීම සඳහා ඉදිරියේ දී පිහිටුවන රජයකදී ඉතා වගකීමකින් කටයුතු කරන බැවින්, ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ අවස්ථාවේදී විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරවීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –
මම ධීවර ඇමතිවරයා විදිහට ඉන්නකොට බහුදින ධීවර යාත්‍රා සඳහා සහනාධාර දුන්නා. එයින් ලක්ෂ නවයක් දුන්නේ ආපසු නොගෙවන පදනම මත. ලංකාව පුරා තිබුණු හැම ධීවර වරායක්ම සංවර්ධනය කළා. රට අභ්‍යන්තරයේ පාරිභෝගික අවශ්‍යතා සපුරන්න ධීවර සංස්ථාව හරහා ධීවර වෙළෙද සැල් ඇති කළා. කරදිය සහ මිරිදිය ධීවරයින් වෙනුවෙන් දියවර ගම්මාන හැදුවා. ඒ දියවර ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කළා. ධීවරයින්ට ණය දීම සඳහා ධීවර බැංකු ක්‍රමය හඳුන්වා දුන්නා. ධීවර කර්මාන්තයට අවශ්‍ය නවීන දැනුම ලබාදීම සඳහා සාගර විශ්වවිද්‍යාලයක් මම හැදුවා. අදටත් එහි පාඨමාලා අති සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. සාගර ආරක්ෂක බලකායක් හැදුවා. ධීවර කර්මාන්තයට අවශ්‍ය ශීතාගාර හැදුවා. මෙරට ධීවරයින්ට අවශ්‍ය බහුදින ධීවර යාත්‍රා ඇතුළු ධීවර ආම්පන්න සීනෝර් හරහා දේශීයව නිෂ්පාදනය කළා.
ධීවර කර්මාන්තය ඉහළ නැංවීමට අපට ඉදිරි සැලසුම් තියෙනවා. ඉදිරියේ පිysටුවන පොදුජන පෙරමුණු රජයකදී ධීවර යාත්‍රා සහ ධීවර උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය ණය පහසුකම් සහනදායී පොලී මත ලබාදෙනවා. ධීවර ප්‍රජාවට ම විශේෂිත වූ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙනවා. ධීවර වරායන් තවදුරටත් සංවර්ධනය කරනවා. ශීතාගාර පහසුකම් සපයනවා. පණිවිඩ හුවමාරු යන්ත්‍ර පහසුකම් වැඩිදියුණු කරනවා.
ධීවර බෝට්ටු ලියාපදිංචියේ දී අකටයුතුකම් සිදුවෙනවා කියලා මට වාර්තා වුණා. හැකි ඉක්මනින් එම ගැටලුව විසඳලා ප්‍රමාදයකින් තොරව ලියාපදිංචිය ලබාගන්න හැකි ක්‍රමයක් අපේ ආණ්ඩුව සලසා දෙනවා. අනතුරට පත්වන ධීවර යාත්‍රා බේරාගැනීම සඳහා ආපදා ධීවර යාත්‍රාවක් සෑම ධීවර වරායකටම ලබාදෙනවා. එය වෙරළාරක්ෂක බලකායට අනුයුක්තව ක්‍රියාත්මක කරනවා.






















