Thursday, September 3, 2026
HomeNEWSLatest Newsපහළම තැන සිට වැඩ අරඹා තිබේ කඩිනම් ප්‍රතිඵල අවශ්‍යයි. රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට...

පහළම තැන සිට වැඩ අරඹා තිබේ කඩිනම් ප්‍රතිඵල අවශ්‍යයි. රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපති කියයි.

සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියා සිටී.

ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර තිබේ. ඉලක්ක ළගාකර ගැනීමේදී ලේකම්වරුන්ට විශාල වගකීමක් හා කාර්ය භාරයක් පැවරී ඇත. ජනතාව අතරට ගොස් ගැටලු විසඳමින් අභියෝගය ජය ගැනීමට ක්‍රියා කරන්නැයි ජනාධිපතිතුමා නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

(ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව මේ සමග යොමු කර ඇත)

අද පත්වීම් ලද රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය :

01-   ඩී. පී. ජී. කුමාරසිරි මහතා
වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

02- එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මහතා
                  ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

03-කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය

04-එම්. එන්. රණසිංහ මහතා
                  පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

05-එස්. ටී. කොඩිකාර මහතා
      ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

06-එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා
                  නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

07-එච්. කේ. ඩී. ඩබ්ලිව්. එම්. එන්. බී. හපුහින්න මහතා
සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

08-තිස්ස හේවාවිතාන මහතා
පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය

09-එම්. දේවසුරෙන්ද්‍ර මහතා
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

10-එම්. ඒ. බී. වී. බණ්ඩාරනායක මහතා
       වේවැල්. පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

11-එස්. එච්. හරිස්චන්ද්‍ර මහතා
                   දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය

12-එස්. අරුමෛනායගම් මහතා
                   විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය

13-එස්. ජී. විජයබන්දු මහතා
ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

14-එස්. සේනානායක මහතා
                  පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

15-ඒ. සේනානායක මහතා
      තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

16-ජී. සී. කරුණාරත්න මහත්මිය
                    බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය

17-කේ. එච්. ඩී. කේ. සමරකෝන් මහතා
 සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

18-ඩී. ඩී. මාතරආරච්චි මහතා
ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

19-මහාචාර්ය රංජිත් දිසානායක මහතා
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

20-ඒ. කේ. ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. එන්. කේ.වීරසේකර මහත්මිය
                   දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය

21-ආර්. සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

22-කේ. එම්. එස්. ඩී. ජයසේකර මහත්මිය
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල්යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය

23-ඩබ්ලිව්. බී. පළුගස්වැව මහතා
මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

24-ඩී. එල්. පී. ආර්. අභයරත්න මහතා
උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලිභෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

25-කේ. ආර්. උඩුවාවල මහතා
                   ඖෂධ නිෂ්පාදනය, සෑපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

26-ජේ. එම්. තිලකරත්න බණ්ඩා මහතා
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන     ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

27-එල්. එල්. ඒ. විජේසිරි මහතා
වි හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය

28-ආර්. එම්. ඒ. රත්නායක මහතා
        මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය

29-ඩී. ඩී. ආරියරත්න මහතා
                   ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

30-කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා
      ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

 31- එස්. එම්. ඩී. එල්. ඩී.  අල්විස් මහතා

       වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

32-ආචාර්ය එම්. උපාලි සේදර මහතා
     අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

             33- මේජර් ජනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්. පී. පී. ප්‍රනාන්දු මහතා
                  වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම           
                  හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

 34- ජයන්ත චන්ද්‍රසෝම මහතා
      විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන,බහුදින ධීවර කටයුතු හා
      මත්ස්‍ය  අපනයන රාජ්‍ය අමාත්‍යාංශය

35-රවීන්ද්‍ර සමරවික්‍රම මහතා
ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img