Sunday, August 2, 2026
HomeNEWSපළාත් සභා ගැන දයාසිරිගෙන් හා අමරවීරගෙන් පරස්පර ප්‍රකාශ

පළාත් සභා ගැන දයාසිරිගෙන් හා අමරවීරගෙන් පරස්පර ප්‍රකාශ

පළාත් සභා ගැන දයාසිරිගෙන් හා අමරවීරගෙන් පරස්පර ප්‍රකාශ

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන තෙක් පසුගිය පළාත් සභා යළි සක්‍රීය කරන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව සිය පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (30) පැවති අතර ඊට පක්ෂයේ බොහෝ පිරිසක් එක්ව සිට තිබේ.

විශේෂයෙන් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ වී ඇති අතර පසුගිය පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට මැතිවරණය පවත්වන තෙක් යළි එම තනතුරුවල කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එහිදී තීරණය වී ඇත.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට වෙත අදහස් දැක්වු පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,

“ඇත්ත වශයෙන්ම පළාත් සභා දැන් තියෙනවා. පළාත් සභාව නැතුව නෙමෙයි. පළාත් සභාවේ ජනතා නියෝජනය නෑ. අද පළාත් සභාව ක්‍රියාත්මක වෙන්නේ නිලධාරීන් අතින්. ඒ නිසා අපි යෝජනාවක් විදියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා රජයට පසුගිය පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් නැවත සක්‍රීය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ මැතිවරණය හැකිළීම තුළ වෙලා තියෙන්නේ අවුරුදු ගානක් පළාත් සභාව තුළ ජනතා නියෝජනයක් නැති තත්ත්වයකට මේක පත්වෙලා. ඇත්ත වශයෙන් අද ගත්තොත් අධ්‍යාපනයේ අතිබහුතරයක් පාසල් තියෙන්නේ පළාත් සභාවේ. සෞඛ්‍ය අංශය තියෙන්නේ අතිබහුතරයක් පළාත් සභා යටතේ සෞඛ්‍ය අමාත්‍යවරු හිටියා නම් පළාත් සභාවේ මේ කොවිඩ් තත්ත්වය මීට වඩා සමනය කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමය පවත්වාගෙන යා යුතුයි. එම ක්‍රමය පවත්වාගෙන යනවා වගේම ජනතා නියෝජිතයින් පළාත් සභා ඇතුළේ සක්‍රීය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල ආණ්ඩුව සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.“

කෙසේවෙතත් මධ්‍යම කාරක සභාවට එක්වු අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, පළාත් සභා සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මෙහිදී සිදුනොවු බවය.

“අපි පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කළේ නෑ. මොකද පක්ෂ නායකයින්ගේ රැස්වීමේ දී පළාත් සභා මැතිවරණය මේ මොහොතේ නොතියන්න තමයි තීන්දු කළේ. තියෙන කොවිඩ් තත්ත්වයත් ඒ වගේම පක්ෂය විදියට අපි දන්වලා තිබුණු මතයක් තිබුණා. ඒ තමයි නව ඡන්ද ක්‍රමයක්. මනාප නැති ඡන්ද ක්‍රමයක්. ඒ පිළිබඳවත් සාකච්ඡා කරලා තමයි කටයුතු කරන්න තීන්දු කළේ. “

ප්‍රශ්නය – නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරා ද ?

“කමිටුව පත් කළේ නෑ නිලධාරීන්. පක්ෂයේ සභාපතිතුමාට අපි බලය දුන්නා කමිටුවක් නම් කරන්න. නිමල් සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි ඒක පත්වෙන්නේ. කණ්ඩායමට ඉදිරියේ දී ඒක ප්‍රකාශයට පත්වෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි මේ රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි වත්මන් රජයට හිරගෙදරක්වත් පාලනය කර ගන්න නොහැකි...

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක්-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවෙයි. නැණ ඉසුර ශිෂ්‍යත්වය, රජයක් විදිහට අපි ගෙනියන වැඩපිළිවෙළට ලැබෙන ලොකු ශක්තියක්. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපනය සෑම...

ආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img