Friday, July 31, 2026
HomeNEWSපළාත් සභා ගැන වාදවිවාද මැද අද ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වේ

පළාත් සභා ගැන වාදවිවාද මැද අද ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වේ

පළාත් සභා ගැන වාදවිවාද මැද අද ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වේ

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (28) පැවැත්වේ.

අද පස්වරු 6.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පැහැදිළි කරන ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ, “වර්තමාන දේශපාලන තත්ත්වයන් සහ නව වසරේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙනවා,”යනුවෙනි.

අදාළ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිත බව වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා ඊයේ (27) ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් සමගි ජනබලවේගයේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනතා න්‍යාය පත්‍රයට අයත් නොවන්නක් බවය.

මධ්‍යම පළත් හිටපු මහා ඇමති සරත් ඒකනායක මහතා පැවසුවේ නව ක්‍රමවේදයකට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවය.

“මගේ පෞද්ගලික අදහස පළාත් සභාව සුදුසුයි. හැබැයි වෙනස්විය යුතු ගොඩක් දේවල් තියෙනවා. රුපියල් මිලියන 33,000ක් වැටුප් ගන්න කණ්ඩායමෙන් මිලියන 4000ක වැඩනම් කෙරෙන්නෙ ඒක වෙනස් වියයුතුයි,” යනුවෙන් ඔහු එහිදී පෙන්වා දුනි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර නව ව්‍යවස්ථාව යටතේ ඒ පිළිබඳ සමාලෝචනයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්යය රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේය.

එහිදී, “මේ කාරණාව අපේ අත්දැකීම් අනුව විමසා බැලිය යුතුයි,” යනුවෙන් මහාචාර්යය රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img