Thursday, May 21, 2026
HomeNEWSප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල බලය බලහත්කාරයෙන් ජවිපෙ අත්පත් කර ගෙන - විපක්ෂ නායක සජිත්

ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල බලය බලහත්කාරයෙන් ජවිපෙ අත්පත් කර ගෙන – විපක්ෂ නායක සජිත්

*සමාජයේ එක් පසෙක බලය මිනිමරුවන් අපරාධකරුවන් අත්පත්කර ගන්නා විට ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල බලය බලහත්කාරයෙන් ජවිපේ අත්පත් කර ගෙන – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*දුර්වල අකාර්යක්ෂම අදක්ෂ ආණ්ඩුවක් ඇති බවත් දිනපතාම රට පුරා වෙඩි තැබීම් සිදුවන බවත් දිනපතාම මිනිස් ඝාතන සිදුවන බවත් රටේ නිතිය හා සාමය මහජන ආරක්ෂාව තහවුරු නොවන බවත් මැර කල්ලි, පාතාල කල්ලි, කුඩු කල්ලි, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජයේ බලය ගෙන ඇති බවත් රජයට මේවා පාලනය කරන්න කිසිදු වැඩපිළිවෙළක් විධිමත් සැලසුමක් නොමැති බවත් මොවුන් උත්සාහ කරන්නේ මුළු සමාජයම එක පැත්තකින් මිනිමරුවන්ගේ අතට මෙන්ම දේශපාලනික වශයෙන් තමන්ගේ අතට ගැනීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.යන යන හැම තැනම සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා පොලිස් කමිටු දේශපාලනීකරණය වී ඇති බවත් කිසිදු දිනක මෙවැනි දෙයක් සිදුව නොමැති බවත් යෞවන සමාජ වැඩසටහනට ද ඒ දේම සිදුව ඇති බවත් මොවුන්ගේ ඊළග උත්සාහය ගොවි සමිතියේ, ධිවර සමිතියේ, කාන්තා සමිතියේ බලය ලබා ගැනීම බවත් අවසානයේ මොවුන් මරණාධාර සමිතියේ බලය ද දායක සභාවේ බලය ද බලහත්කාරයෙන් ලබා ගෙන පන්සලේ ඉන්න ඕනි හාමුදුරුවෝ කවුද කියා තීරණය කළ හැකි බවත් මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ඒකාධිපතීත්වය රජකරවන්න ඉඩ දිය නොහැකි බවත් *විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග පැවති හමුවකදී පැවසීය.**ජනතාව වෙනුවෙන් හඬ නගන්න ඉතිරි වෙලා ඉන්නේ අපි විතරයි*මෙරට සෑම ගැටලු‍වකටම ලොකුම හඬ ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගය බවත් විශ්‍රාමිකයාගේ උපාධිධාරියාගේ කම්කරුවාගේ ගොවියාගේ ධීවරයාගේ සෑම ගැටලු‍වක් පිළිබඳවම ඉදිරියෙන් සිට කටයුතු කරන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*අද සංචාරක ක්ෂේත්‍රයේ රියදුරන්ට කණ කොකා හඩලනවා*සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ යාම ගැන අවංකවම සතුටු වෙන බවත් රටේ ජනතාවගේ ජන ජීවිතය පහළ දමා බලය ලබා ගන්න අවශ්‍ය නොවන බවත් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයත් සමග මේ ක්ෂේත්‍රයේ සිටින පාර්ශ්වකරුවන්ට එහි ප්‍රතිලාභ ලබා දිය යුතු වුවත් මේ රජය සංචාරකයන්ට ගුවන්තොටුපොළේ සිටම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව ලබා දීම නිසා අප රටේ රථවාහන රියදුරන්ට විශාල බලපෑමක් වන බවත් මේ නිසා පිටරැටියන් අප රටට පැමිණ සංචාරක ඒජන්සි ආරම්භ කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*රජය ගන්නෙම අමනෝඥ තීන්දු*මෙවැනි අමනෝඥ තීන්දු තීරණ රජය ගෙන ඇති බවත් කොවිඩ් සමයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල කඩාවැටීමක් සිදුවූ බවත් එදා බදවා ගත් උපාධිධාරින්ගෙන් සංවර්ධන නිලධාරින් 16200ක් මේ පාසල්වල ගුරු සේවයට යොමු කළත් අද මේ අය අමතක කර ඇති බවත් ඡන්ද කාලයේ යුතුකම් ඉටු කරන්න පොරොන්දු වුවත් අද වන විට මේ ගුරු හිගය මැඩපවත්වා ගන්න හයිය වූ මේ සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් විමේ අවස්ථාව නැති කර ඇති බවත් විපක්ෂ නායකවරයා’ පැවසීය.NEWS CLIP 🧧 https://youtu.be/8gutpPqXVhg?si=kZLw1unvFavlPTDC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img