ප්‍රංශයට අධික වර්ෂාපතනයක්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රංශයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
වසර 5 ක කාලයකට පසු එරටට බලපා දරුණුතම කාලගුණ තත්ත්වය මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දින කිහිපයක සිට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ප්‍රදේශ රැසක ජල ගැලීම් තත්ත්වයන් හටගෙන තිබේ.
මේ හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන්ව ඇති අතර තවත් දහස් ගණනක පිරිසක් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ.
ගත වූ පැය 24 තුළ එරට ප්‍රදේශ රැසකට මිලිමීටර් 450 ඉක්මවූ වැසි ඇද හැලී ඇත.






















