Sunday, September 13, 2026
HomeNEWSප්‍රංශයට පැන යෑමට තැත්කළ තරුණිය

ප්‍රංශයට පැන යෑමට තැත්කළ තරුණිය

කූඨ ලෙස සකස් කළ ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය හරහා ප්‍රංශය වෙත පැන යාමට තැත්කළ ශ්‍රී ලාංකික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

ඇය වව්නියාව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකි.

එම කාන්තාව අද (20) අලුයම 3.15ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යෑමට නියමිතව තිබූ කටාර් ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

පසුව ඇය විසින් ඉදිරිපත් කළ ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ කටාර් ගුවන් සේවා නිලධාරීන් එම ලියකියවිලි ඇය ද සමග වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.‍

එහිදී එම නිලධාරීන් මෙම තරුණිය ඉදිරිපත් කළ ලියකියවිලි සියල්ල තාක්ෂණික පරීක්ෂාවන්ට ලක්කරන අතරතුර ඇයගෙන් ප්‍රශ්න කිරීම් ද සිදුකර තිබේ.

එහිදී ඇය සතු ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර ඇති බවට සනාථ වී තිබේ.

තරුණිය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img