Tuesday, July 28, 2026
HomeNEWSසජිත්ගේ බලාපොරොත්තුව

සජිත්ගේ බලාපොරොත්තුව

දක්ෂතාවයට මුල්තැන දෙන රජයක් නිර්මාණය කිරීම සිය ඒකායන අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

බදුල්ල, හාලිඇළ ශ්‍රී කාශ්‍යපාරාමයට ඊයේ (19) පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි විහාරාධිපති පූජ්‍ය වලේවෙල සද්ධා රතනාලංකාර හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා,

“පළමුවෙන්ම කරන්නට ඕනේ අපි අපිටම ඇඟිලි දික්කර ගැනීම. ඒ කර්තව්‍යයේ මම නියැලී සිටිනවා. ඒ කර්තව්‍යයේ සමගි ජන බලවේගය නියැලී සිටිනවා. කැඩපතක් ඉදිරියට ගිහින් සිදුවුණු අඩුපාඩු, අසාධාරණකම්, ඌනතාවයන්, වැරදි මේ හැමදෙයක්ම අවබෝධ කරගෙන අපේ වැරදි නිවැරදි කරගෙන, අපේ වැරදි පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලගෙන අපි නැවතවරක් අලුත් ගමනක් ඔස්සේ, පොදු ජනතාවගේ දෙපතුළ ළඟට මේ රටේ අති විශිෂ්ට සංවර්ධන යුගය බිහිකිරීමට අපි සුදානම්. මේ රටේ ප්‍රතිලාභ, සම්පත් බෙදා ගැනීමේ අවසරය ලබා දීමට අපි සුදානම්. පවුල් වාදයේ ගජමිතුරු සංකල්පය සම්පූර්ණයෙන්ම පසෙක දමා කුසලතාවය දක්ෂතාවයට හැකියාවට වැඩකරන්න පුළුවන් කණ්ඩායමට මේ රටේ රාජ්‍ය පාලනය ලබා දීලා නිවැරදි සංකල්පයක් ඕස්සේ අපි අපේ ගමන ක්‍රියාත්මක කිරීමට සුදානම්.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු බන්ධනාගාර කොමසාරිස්ට ආණ්ඩුව සලකපු විදියට බන්ධනාගාර නිලධාරීන් බයවෙලා- දයාසිරි

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්ති හේතුවෙන් සියලුම බන්ධනාගාර නිලධාරීන් බියට පත්වී ඇති බව සමගි ජන බලවේගයේ...

මේ ආණ්ඩුවට පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැහැ – නාමල් රාජපක්ෂ

මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්- නාමල් රාජපක්ෂ මම දැක්කා මාධ්‍යයේ යනවා, පොලිස්පතිවරයා දෙවිනුවර දේවාලයේ කාවඩි නැවැත්තුවා අපේ හාමුදුරුවනේ. අපේ ගමේ පෙරහැරේ සංස්කෘතික අංගයක්, දෙවිනුවර...

කසාවතට මඩ තර්ජන එල්ල වෙලා-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල...

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය: ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img