Saturday, November 14, 2026
HomeNEWSLatest Newsප්‍රංශයෙන් එවූ කෝටි දෙකේ තෑග්ග

ප්‍රංශයෙන් එවූ කෝටි දෙකේ තෑග්ග

ප්‍රංශයෙන් එවූ කෝටි දෙකේ තෑග්ග

ත්‍යාගයක් ලෙස අසුරා ප්‍රංශයේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබු මෙතැෆෙටමීන් (Methamphetamine) නැමැති මත්ද්‍රව්‍ය පෙති 4,048 ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (20) රාත්‍රීයේ සොයාගෙන තිබේ.‍

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසුවේ මෙම මත් පෙතිවල වටිනාකම රුපියල් දෙකෝටි දෙලක්ෂ හතලිස් දහසක් බවය.

කොළඹ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකගේ නමට එම පාර්සලය එවා තිබූ අතර, ඇය එම පාර්සලය භාරගැනීමට පැමිණෙන තෙක් තම කණ්ඩාම බලා සිට ඇයව ද අත්අඩංගුවටගත් බව ඒ මහතා ප්‍රකාශ ක‍ළේය.

එක්ස්ටසි (Ecstasy ) නමින් හඳුන්වන මෙම මත් පෙති තොගය රෙදි වලින් නිෂ්පාදිත හකුලා නැවිය හැකි පාවහන් අසුරණයකින් ආවරණ කර ත්‍යාගයක් ලෙස අසුරා තිබු බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.

අත් අඩංගුවට ගත් කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට...

විජේවීර සහෝදරයට සම්පූර්ණයෙන්ම පිටුපාලා ජවිපෙ අද ආණ්ඩු කරනවා- දුමින්ද නාගමුව

" දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය " මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ දින ( 2026. 11. 13...

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img