මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි සටහන් කරගැනීම අද (02) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ විය.
සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වේ.
මෙහිදී නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 04 වන දා තෙක් කල් තැබිණි.






















