Friday, September 4, 2026
HomeNEWSLatest Newsදේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුවේ මූලික වාර්තාව අගමැතිට

දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුවේ මූලික වාර්තාව අගමැතිට

දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන් (2015-2019) පිළිබඳව සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අද (02) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදෙන ලදී.

2015-2019 කාලය තුළ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන්  දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පුද්ගලයින් 6952 දෙදෙනෙක් මේ වන විට මෙම කමිටුවට අභියාචනා ඉදිරිපත් කර තිබේ.

ඒ අතුරින් 1152 දෙදෙනෙකුගේ අභියාචානාවලට අදාළ පරීක්ෂා කිරීම්, නිරීක්ෂණ හා ඉදිරි පියවර එම වාර්තාවට ඇතුළත්ය.

2015-2019 කාලයේ දේශපාලන පළිගැනීම් සිදුව ඇති ආකාරය, කමිටුවට ඉදිරිපත් වූ අභියාචනා පිළිබඳව සොයා බැලීමේදී හෙළි වූ බව කමිටුවේ  සාමාජිකයෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්හ.

දේශපාලන වශයෙන් පළිගැනීමට ලක් වූ සියලුදෙනාට සාධාරණය ඉටු කිරීම මෙම කමිටුවේ වගකීමක් බවත්, ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවන්නේ නම්, කැබිනට් මණ්ඩය දැනුවත් කොට විෂයභාර අමාත්‍යවරුන් ඔස්සේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා කමිටුවේ සාමාජිකයින්ට උපදෙස් දී තිබේ.

කමිටුවට මේ දක්වා අභියාචනා 1152ක් පරීක්ෂා කර, නිරීක්ෂණ ගොනු  484 ක් විවිධ ආයතනවලට යොමුකර ඇති අතර විමර්ශනය සඳහා කමිටුවට කැඳවා තිබෙන  අභියාචනා  සංඛ්‍යාව 372 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img