Friday, September 4, 2026
HomeNEWSLatest Newsඋදේට නැගිටිනකොට පක්ෂයට වෙලා තියෙන දේ ගැන හිතෙනකොට පණ නැතිවෙලා යනවා -චන්ද්‍රිකා

උදේට නැගිටිනකොට පක්ෂයට වෙලා තියෙන දේ ගැන හිතෙනකොට පණ නැතිවෙලා යනවා -චන්ද්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්ථමානයේ ඇතිව ඇති තත්ත්වයට තමාද වගකිව යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළාය.

“දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත්වෙලා තියෙන ඉරණම ගැන තාමත් දුක්වෙනවා. තාමත් උදේට නැගිටිනකොට මට ඇඳෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ, මේකට වෙලා තියෙන දේ ගැන හිතෙනකොට පණ නැතිවෙලා යනවා. මමත් මෙයට වගකිව යුතුයි කියලා හිතෙනවා“ යැයි ඒ  මහත්මිය පැවසීය.

“අවුරුදු 9ක් මම දේශපාලනයෙන් අයින්වෙලා ඉදලා. නැවත් දේශපාලනයට එන්නේ නැහැ කියලා පැහැදිලි තීරණයක් මත කටයුතු කරමින්, වෙන කටයුතු කරමින් හිටියේ නමුත් 2015 යළි දේශපාලනයට ආවේ රටට වෙන ඇබැද්දිය දැක්ක නිසා, පක්ෂයට වෙලා තිබුණ ඇබැද්දිය දැක්ක නිසා. මේක ගොඩගන්න පුළුවන් කියලා හිතාගෙන,“ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

“මම එක්සත් ජාතික පක්ෂයට ගියා කියලා බනින්නේ, වැරදි කරපු නිසා පන්නපු කට්ටිය. ඒ අය තමයි කියන්නේ චන්ද්‍රිකා පක්ෂය එක්සත් ජාතික පක්ෂයට ගෙන ගියා කියලා. මමයි සන්ධානය කියන අදහස යෝජනා කළේ. අපි කවුරුත් හිටියා. අපි කවුරුහරි පරද්දන්නේත්, මෙන්න වැඩපිළිවෙළ උඩ කියලා අපි මහා දර්ශනයක් හැදුවා. ඒ දර්ශනය අපි අවුරුදු 3ක් ලිව්වා. ඒ දර්ශනය මත තමයි දින 100යේ වැඩපිළිවෙළ හැදුවේ. මේ සියල්ල කඩාදැමුවේ එක පුද්ගලයෙක්. අපි බලයට ගෙන ආ පුද්ගලයා,“ යනුවෙන් හිටපු ජනාධිපතිනිය පැවසීය.

“මට පස්සේ ආපු නායකයෝ දෙන්නාම මේකට වගකියන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වයක් දෙන්න පුළුවන් එකම බණ්ඩාරනායක විනාශ කළේ මේ අය,“ යනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img