Monday, October 26, 2026
HomeNEWSLatest Newsඅධික වැසි ?

අධික වැසි ?

ඉදිරි පැය කිහිපය තුළදීත්, දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර දෙසීය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ පහළ වායුගෝලයේ ඇති වූ කැළඹිලි ස්වභාවය මෙම හදිසි තද සුළං සහ වැසි තත්ත්වයට හේතු වී ඇති බවය. 

පසුගිය සති කිහිපය පුරාම දිවයිනේ ප්‍රදේශ රැසකටම දැඩි අව්රශ්මියක් පැවතුණි.

කෙසේවෙතත්, ඒ පැවති වියළි කාලගුණ තත්ත්වයේ හදිසි වෙනසක් පෙන්නුම් කරමින් ඊයේ (01) රාත්‍රීයේ ප්‍රදේශ ගණනාවකට දැඩි සුළං සමඟ තද වැසි ඇදහැලුණි.

ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි ඇද හැලුනේ මිලිමීටර 200 ඉක්මවූ ඉහළ වර්ෂාපතනයක් වාර්තාකරමිනි.

කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, රත්නපුර, පුත්තලම සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී නවයට පමණ ගිගුරුම් සහිත තද වැසි ඇදහැලෙන්නට පටන් ගත් අතර එය අඛණ්ඩව අද උදෑසන හය පමණ දක්වා පැවතුණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මිලිමීටර 287 ක වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල සාලාව ප්‍රදේශයෙන් වාර්තා වූ බවය. 

මෙලෙස ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ගස් කඩාවැටීම නිසා නිවාසවලට හානි සිදුව තිබූ අතර මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතුද ඇනහිට තිබුණි.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය, මන්නාරම, බදුල්ල, වව්නියාව, පුත්තලම හා හම්බන්තොට ආදී දිස්ත්‍රික්කවල පවුල් 210ක පුද්ගලයින් 633 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

හානි සිදු වූ ව්‍යාපාරික ස්ථාන ගණන 40 කි.

එමෙන්ම නිවාස 197කට අර්ධ හානි සිදුවූ බව වාර්තා වේ.

අද දින පාසල් අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි ආරම්භ වුවද, හැටන් බොස්කෝ විදුහලේ ඉගෙනුම ලබන 6 ශ්‍රේණියේ සිසුන් නැවත නිවෙස් වෙත කැඳවාගෙන යෑමට මව්පියන් උදෑසනම කටයුතු කර තිබුණේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ පංති කාමර පිහිටි ගොඩනැගිලි තුළට වැසි ජලය කාන්දුවීම හේතුවෙනි.

මේ අතර ඊයේ රාත්‍රීයේ ඇද හැලුණු අධික වැසි හේතුවෙන් ගාල්ල පෝද්දල ප්‍රදේශයේ නිවසක් තුළ නිදා සිටි 16 හැවිරිදි දැරියක් මතට ඇය නිදා සිටි කාමරය අසල තිබූ කොන්ක්‍රීට් බැම්මක කොටසක් කඩා වැටී තිබුණි.

හිසට ඇති වූ බරපතළ තුවාල සහිතව ඇය මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

උද්ගතව ඇති තත්වය සමඟ ජාතික ගොඩනැගිල පර්යේෂණ සංවිධානය ගාල්ල, කළුතර, රත්නපුර , කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවිම් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය කිහිපය තුළ කිළිනොච්චි, මුලතිව්, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, රත්නපුර, කොළඹ, ගම්පහ, ගාල්ල, කළුතර, කෑගල්ල හා මහනුවර යන දිස්ත්‍රික්ක වලට මිලිමීටර 200 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img