Friday, September 4, 2026
HomeNEWSLatest Newsප්‍රමාදයකින් තොරව කලුගල් හා බොරළු කැපීම සදහා විධිමත් ලෙස හා කඩිනමින් බලපත්‍ර...

ප්‍රමාදයකින් තොරව කලුගල් හා බොරළු කැපීම සදහා විධිමත් ලෙස හා කඩිනමින් බලපත්‍ර ලබා ගත හැකි ක්‍රමයක් සකස් කරන්න – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

ප්‍රමාදයකින් තොරව කලුගල් හා බොරළු කැපීම සදහා විධිමත් ලෙස හා කඩිනමින් බලපත්‍ර ලබා ගත හැකි ක්‍රමයක් සකස් කරන්න – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

මහාමාර්ග ඉදිකිරිම් හා සංවර්ධනයට අවශ්‍ය අමුදුව්‍ය ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම සදහා අදාල රාජ්‍ය ආයතන සමග සකච්ඡාවක් පසුගියදා (එනම් 2020-10-08 දින) මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුනි.

මෙහිදී ප්‍රමාදයකින් තොරව කලුගල් හා බොරළු කැපීම සදහා විධිමත් ලෙස හා කඩිනමින් බලපත්‍ර ලබා ගත හැකි ක්‍රමයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන ලදී. එමෙන්ම භූවිද්‍යා හා පතල් කාර්යාංශය, වන ජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනට හදුනාගෙන ඇති අමුද්‍රව්‍ය ලබා ගත හැකි ස්ථාන වල ලැයිස්තුව ලබා දී ඒ සදහා විධිමත් අනුමැතියක් ලබා ගන්නා ලෙසද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී.

කිලෝමීටර් ලක්ෂයේ වැඩ සටහන යටතේ මාර්ග සංවර්ධනය වේගවත් වී ඇති බවත් ඉදිරියේදී අමුද්‍රව්‍ය හිඟයක් ඇතිවීම වලක්වා ගැනීමට මෙම තීරණය ගත් බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img