ප්‍රේමදාස යුගයේ කොටින්ට ආයුධ දුන් බවට ජයවික්‍රමපෙරේරා කළ ප්‍රකාශයෙන් සජිත් පිල කැළඹේ.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ යුගයේදීත් කොටි සංවිධානයට අවිආයුධ ඇතුළු ආධාර ලබාදුන් බවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කර තිබෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සජිත් පේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය දැඩි කැලඹීමකට පත් ව ඇති බව වාර්තා වේ. මෙම ප්‍රකාශය තම ඡන්ද ව්‍යාපාරයට අවාසි බව සමගි ජනබලවේගයේ ජේෂ්ඨයින් කිහිප දෙනෙකුම සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබෙන බවද වාර්තා වේ. මීට අමතරව එක්සත් ජාතික පක්ශයේ ජේෂ්ඨයින් පිරිසක් අතර පැවති සාකච්ඡාවක දී ද ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රකාශය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙන බවද වාර්තා වේ. කොටි සංවිධානයට උපායමාර්ගිකව අර්ථයෙන්ම රේමදාස යුගයේ අවි හා වෙනත් පහසුකම් ලබාදීම පිළිබඳව ගාමිණී ජය වික්‍රම පෙරේරා මහතා කළ ප්‍රකාශය විශාල කැළඹීමක් බවට පත්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මතය වී ඇත. තම පියා කරපු දේ ගැන පුතා මොකද කියන්නෙ කියලා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයින්ගෙ ස්ථාවරය වී තිබෙන බවද වාර්තා වේ.






















