විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අපරාජිතව වැජඹෙමින් අවසානය දක්වා සුරැකිව සිටි මෙවර අවසන් ආසියානු බලාපොරොත්තුවත් ඊයේ බිඳ වැටුනි.
ඒ අවසන් පූර්ව වටයේදී නොසිතූ ලෙස අවසාන මොහොතේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබාගත් ඔස්ට්‍රේලියානු පිතිකරු මැතිව් වේඩ් එල්ලකළ දැවැන්ත හයේ පහර 3ත් සමගයි.
19 වන පන්දුවාරයේ දි හයේ ත්‍රිත්වයට පෙර පන්දුවේදී මැතිව් වේඩ්ගේ පිත්තේ යටි අග්‍රයේ ස්පර්ශ වූ උඩ පන්දුව කඩුලු රකින ක්‍රීඩක හසන් අලී රැකගැනීමට සමත් වුනි නම් බොහෝ විට මීට වඩා අවසානය වෙනස් වීමට ඉඩ තිබූ බව විචාරක මතයයි.
ඒ අනුව පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය සදහා සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
ඩුබායි හිදි පැවැති තරගයෙන් ඔවුන් පාකිස්ථානයට එරෙහිව කඩුළු 05ක් ජයක් අත්කර ගනු ලැබීය.
පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 දී කඩුළු 04ක් දැවී ලකුණු 176ක් ලබාගැනීමට සමත් විය.
මොහොමඩ් රිස්වාන් ලකුණු 67ක් සහ ෆකාර් සමාන් නොදැවී ලකුණු 55ක් ලබාගැනීමට සමත් විය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුළු 5ක් ලකුණු 96ක් තුළ බිදවැටුණු අතර අවසන් පන්දුවාර 5දී ලකුණු 60 ඉලක්කයක් හිමිවිය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලියක අවසන් මහා තරඟයට පිවිසි දෙවන අවස්ථාව මෙය වන අතර ලබන ඉරිදා නවසීලන්තය සමඟ ඩුබායි හිදි අවසන් මහා තරඟයට මුහුණ දීමට නියමිතයි.
තරගයේ විශේෂ අවස්ථා පහතින්.






















