පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ හොරට උපාධිගත්ත අයද හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ප්‍රශ්න කරයි.පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ හොරට උපාධිගත්ත අයද හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ප්‍රශ්න කරයි. පාර්ලිමේන්තුවේ හිටපු කථානායක අජිත් රජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා අම්බලන්තොට පල්ලේරොට ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වෙමිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.අපේ රටේ ජනමතයක් හැදුවා තිබිච්ච පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක්වගේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ කටයුතු හරියාකාරව සිද්ධවෙන්නේ නැ. විශ්වවිද්‍යාලයක් වගේ කරන්න ඕන පාර්ලිමේන්තුව දැන් අපිට පේන දේ තමයි ජනතාව රවට්ටල මේ ගියපු කණ්ඩාම ඇතුලේ ඉන්නේ ගොඩක් ව්‍යාජව උපාධිගත්ත පිරිසක් බව අපට පේන්න තියෙනවා. කිසිම සුදුසුකමක් නැති බොරු කාරයෙක් තමයි පාර්ලිමේන්තුවේ කතානායවරයා හැටියට පත්වෙලා තියෙන්නේ කියල අපට දැන් පේන්න තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ තවත් ඇමතිවරු කීපදෙනෙකුටම උපාධි සම්බන්ධව චෝදනා එල්ලවෙලා තියෙනවා හැබැයි ඒ ඇමතිවරුවත් තවම තමන්ගේ තියෙන උපාධිය මොකක්ද ආචාර්ය උපාධිය මොකක්ද කියල නිවැරදි කරන්න මේ වෙනකන් කටයුතු කරල නෑ.






















