පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන දීමනා
09 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට දින ළං වෙමින් තිබියදී පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සොයාබැලීම සඳහා සිදුකෙරුණු “TRAVEL WITH CHATURA” වැඩසටහනෙන් අද (16) තොරතුරු ගෙන එන්නේ පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සහ මන්ත්‍රී දීමනා පිළිබඳවය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54,285කි.
භාවිත කරන ස්ථාවර හා ජංගම දුරකථන සඳහා මාසිකව රුපියල් පනස් දහසක දීමනාවක්ද මන්ත්රිවරයෙකුට හිමි වේ.
එමෙන්ම කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් ලක්ෂයක්, සංග්‍රහ දීමනා ලෙස රුපියල් 1000 ක් හා රියදුරු දීමනාව ලෙස රුපියල් 3500ක් ද මාසිකව හිමිය.
මන්ත්‍රිවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකුට, ඔහුගේ කාර්යාලයට පැමිණීම වෙනුවෙන් ගෙවීම සඳහා මාසිකව රුපියල් දස දහසක් ගෙවනු ලබයි.
එම මූලික දීමනාවලට අමතරව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා දිනකට රුපියල් 2500 ක දිමනාවක්ද මන්ත්රිවරයෙකුට ගෙවනු ඇති.
පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගිවීම වෙනුවෙන් රුපියල් 2500 ක දීමනාවක්ද මන්ත්‍රීවරුන්ට හිමිය.
එමෙන්ම එක් එක් මන්ත්‍රිවරයා තේරීපත්වූ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කරගනිමින් ඉන්ධන දීමනාවක් ද මන්ත්රිවරයෙකුට මසකට හිමිය.
ඒ එම මාසයේ පළමු දිනට පවතින ඉන්ධන වෙළෙඳපොළ මිල ගණන් අනුවය.






















