Saturday, August 22, 2026
HomeNEWSපාසල් අධ්‍යාපනය නිම කරන තරුණ තරුණියන්ට නිසි වෘත්තීය පුහුණුවක් ලබා දෙන ලෙසට...

පාසල් අධ්‍යාපනය නිම කරන තරුණ තරුණියන්ට නිසි වෘත්තීය පුහුණුවක් ලබා දෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජනපති, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රගතිය විමසයික්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංගම් ඒකාබද්ධ ව්‍යාපෘති තුළින් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට එසවීමට කටයුතු කරන්න- ජනපති විසිරුණු සහ හුදකලා වූ ක්‍රීඩා උපකරණ බෙදීම් වැනි වැඩසටහන් වෙනුවට, ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධව, ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩාව ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේදී අද (16) පෙරවරුවේ පැවති තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.මෙහිදී, ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකයේ ආයතනික වශයෙන් ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර, එම ආයතන මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙන ව්‍යාපෘති සහ රටේ තරුණ-තරුණියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගෙන තිබෙන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.එමෙන්ම, ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී ඉතා සමීපව කරුණු විමසා බැලූ ජනාධිපතිවරයා, ක්‍රීඩා සංවර්ධනය තුළින් සමාජීය ප්‍රතිලාභ මෙන්ම ලෝකයේ දියුණු රටවල මෙන් ආර්ථික ප්‍රතිලාභද අත් කර ගත හැකි බව පෙන්වා දුන්නේය. ජාතික තරුණ සේවා සභාව විසින් ක්‍රියාත්මක කෙරෙන “YOUTH CLUB” වැඩසටහන පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අතර, පාසල් අධ්‍යාපනය නිම කරන තරුණ-තරුණින් පදනම් කරගත් නවීන සහ ශක්තිමත් වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට අවධානය යොමු කරන ලෙසද උපදෙස් ලබා දුන්නේය.තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, 2025 වර්ෂයට ඒ ඒ ආයතන වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන වර්ෂ අවසාන වන විට නිසි පරිදි යොදවා අපේක්ෂිත භෞතික සහ මූල්‍ය ඉලක්ක ළඟා කර ගැනීමට සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න යන මහත්වරු සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.ජනාධිපති මාධ්‍ය අංශය2025-07-16

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෘත්තිකයන් රට හැර යාම වේගවත් වෙයි – වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000කට වැඩි පිරිසක් පිටරට.

ආර්ථික සහ වෘත්තීය ගැටලු ඇතුළු විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් රට හැර...

 22 වැනි සංශෝධනයට වඩා ජනතාවගේ ප්‍රශ්න වැදගත් – මහින්ද.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව හිටපු ජනාධිපති සහ ශ්‍රී...

අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි – ආණ්ඩුව පස්ස ගහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව...

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img