Wednesday, September 16, 2026
HomeNEWSපාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට තොරතුරු දැනගෙන එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා එල්ලවී සිටින එම ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇති ඉන්සාෆ් අහමඩ් හා ඉල්හාම් අහමඩ් නැමති මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ සොහොයුරා වන මොහොමඩ් ඊබ්‍රහිම් ඉස්මයිල් නමැත්තා ඇපමත මුදාහැරීම කොළඹ මහාධිකරණය අද (27) ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් එම තීන්දුව ප්‍රකාශ කරනු ලැබීය.

විත්තිකරු වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු ඉල්ලීම් කර තිබුණි.

මෙම නඩුවට අදාළ පළමු සහ දෙවන විත්තිකරුවන්ගේ වයෝවෘද්ධ භාවය සහ අපරාධයට දක්වා ඇති දායකත්වය සලකාබලා මින් පෙර ඇප කොන්දේසි පනවා ඇප මත මුදාහැර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞදියේ – ජෙඩා කොන්සල් කාර්යාලයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස්

බටහිර කලාපයේ මතුවන තත්ත්වය නිසා, සෞදියේ - ජෙඩා කොන්සල් කාර්යාලය එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස් නිකුත් කරයි. අදාල පණිවුඩ ගැන අවධානයෙන් සිටින ලෙසත්...

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img