Wednesday, November 11, 2026
HomeNEWSපාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන වතිකානය විමසිල්ලෙන් -ගාමිණි ප්‍රනාන්දු පියතුමා

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන වතිකානය විමසිල්ලෙන් -ගාමිණි ප්‍රනාන්දු පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අනාවරණය කරන ලද තොරතුරු වහාම රටට හෙළි කළ යුතු බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසයි.

උන්වහන්සේ පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් සිදුනොවී ඇති බවය.

මෙමඟින් ජාත්‍යන්තර සහය ලබා ගැනීමට බලකිරිමක් සිදුවන බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“අපිට තවමත් පේන්නේ නෑ මේ පිළිබඳ නියම සත්‍යය හෙළිදරව් වෙනවා කියලා. ඒ නිසා අපිට ජාත්‍යන්තරය කරා යෑමට එක්තරා විදියක බලකිරීමක් ඇතිවෙලා තිබෙනවා මේ තත්ත්වය නිසා. අපි විශ්වාස කරනවා ශුද්ධෝත්තම පියතුමාත් වතිකානයේ තියෙන යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභාවත් ඒ අය මේ ගැන විමසිල්ලෙන් සිටින බව. අපි විශ්වාස කරනවා වතිකානයේ නිල වෙබ් අඩවිය මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා තවමත් රජයෙන් මේ විමර්ශන, නඩු කටයුතු ඒ වගේම තවදුරටත් විමර්ශනය කරන්න තියෙන දේවල් වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ  ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශයන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හෙළිදරව් කළ කුමන්ත්‍රණය කුමක් දැයි කියලා හෙළිදරව් කිරීම ඉතාම අවශ්‍යයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img