Wednesday, November 11, 2026
HomeNEWSසංවේදී පරිසර කලාප 4ක් හඳුනාගනී

සංවේදී පරිසර කලාප 4ක් හඳුනාගනී

ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හඳුනාගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

මෙම අලුත් සංවේදී පරිසර පද්ධති මානෑව, ගඟේවාඩිය, එළුවන්කුළම හා ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.

මින් පෙර මේ අන්දමින් සංවේදී පරිසර කලාප හඳුනාගැනීමේ හා එලෙස හඳුනාගත් සංවේදී පරිසර කලාප නම් කර නොතිබීම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී එම පද්ධතීන්ට හානි සිදුවු අවස්ථා වාර්තා වු බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සංවේදී පරිසර කලාප හඳුනාගැනීමේ හා ඒවා සංවේදී පරිසර පද්ධතීන් ලෙස නම් කිරීමේ වැඩ පිළිවෙළක් පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය BIO-DIVERSITY UNIT  විසින් එම වැඩ පිළිවෙළ ආරම්භ කර ඇත.

ජාතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී  පරිසරයට සිදුවන හානි වළක්වා ගනිමින් එම සංවර්ධන ව්‍යාපෘති  සැළසුම් කිරීමට පහසු කිරීම එම වැඩ පිළිවෙළෙහි අරමුණ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 

නමුත් නව වැඩ පිළිවෙළ යටතේ පරිසර අමාත්‍යාංශය විසින් එම සංවේදී පරිසර කළාප හඳුනාගෙන ඒවා සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බැවින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එම පරිසර කලාප විනාශ කිරීමට නීතියෙන් ඉඩ නොලැබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img