පාළුවට ගිය දොළුකන්ද
වසර 15ට පෙර ජනතාවගෙන් පිරී ඉතිරී ගිය දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ අද පවතින්නේ දැඩි පාළු ස්වභාවයකි.
පාර්ශව කිසිවෙකුගේ අවධානයට ලක්නොවීම මීට හේතුව බව දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමි පවසති.
දොළුකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙය.
කලකට පෙර මෙරට ජනතාව වැල නොකැඩී මෙම සේනාසනයට පැමිණි බව විහාරාධිපති හිමියන් පැවසීය.
ඒ දොළුකන්දේ ජලය පානය කිරීමෙන් ලෙඩ රෝග සුව වන බවට විශ්වාස කරමිනි.
නමුත්, අද වන විට දොළුකන්දේ පවතින්නේ පාළු ස්වභාවයකි.
චතුර අල්විස් – ලෙඩ රෝග සුවකරන්න ආපු පිරිස් ඇයි දැන් එන්නේ නැත්තේ ?
දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍යවාසී පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමි – “දොළුකන්ද ගැන මිනිස්සු ගැන කතා විශ්වාස කරන්නේ ජනමාධ්‍යයෙන් කරපු විකෘතිය නිසා“.
චතුර අල්විස් – තාම පිරිත් කරනව ද ?
දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍යවාසී පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමි – “නැහැ. ඒ කටයුත්ත අවසන් වෙලා දැන් අවුරුදු 15ක්. මම මේ සේනාසනයේ වැඩ භාර ගන්නේ 2010,“
චතුර අල්විස් – ඔබ වහන්සේ මෙහෙට වැඩම කරද්දි කවුරුත් මෙහෙ වාසය කළේ නැද්ද?
දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍යවාසී පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමි – “දෙනමක් හිටියා. අපි දානේ පිළියෙල කරගත්තා. දායක සභාවක්වත් තිබුණේ නැහැ,“
චතුර අල්විස් – මේ පිරිත් පැන් දීපු තැන. අද විනාශ වෙලා.
දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍යවාසී පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමි – “මේ පින්බිම නැවත ගොඩනගන්න එකතුවෙන්න,“






















