Thursday, April 16, 2026
HomeNEWSLatest Newsපිරිමි පුද්ගලයින් සියදිවි නසාගැනීමේ වැඩි ප්‍රවණතාවයක්

පිරිමි පුද්ගලයින් සියදිවි නසාගැනීමේ වැඩි ප්‍රවණතාවයක්

පිරිමි පුද්ගලයින් සියදිවි නසාගැනීමේ වැඩි ප්‍රවණතාවයක්

රැකියා විරහිතභාවය හා ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට පුද්ගලයින් විශාල පිරිසක් සියදිවි නසාගන්නා බවට අනාවරණය වි තිබේ.

රටේ පිරිමි පුද්ගලයන් වැඩි පිරිසක් ආර්ථික හා රැකියා අර්බුධ හේතුවෙන් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.

2020 වසරේ මේ දක්වා ගතවු කාලය තුළ මෙරට පුද්ගලයින් 779 දෙනෙකු සියදිවි හානි කර ගෙන තිබේ.

සුමිත්‍රයෝ සංවිධානය සිදුකළ  නවතම සමික්ෂණ වාර්තාවට අනුව මේ තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.

සියදිවි නසාගත් පුද්ගලයින් 779 දෙනා  අතරින් 635 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර තවත් 144 දෙනෙකු කාන්තාවන් වේ.

රැකියාවේ අනාරක්ෂිතභාවය, පවුල හා සම්බන්ධ අවශ්‍යතාවන් සපුරාගැනීමට නොහැකි වීම, ණය ගැනීම් මත පදනම් වු පිඩනය හේතුවෙන් සිදුකර ගත් සියදිවි නසා ගැනීම් ඉහළ මට්ටමක පවතින බව එම සමීකෂණයෙන් අනාවරණය වී ඇත.

කාන්තාවන් වැඩි පිරිසක් ගෘහස්ත හිංසනය හේතුවෙන් හටගන්නා මානසික පීඩනයන් නිසා සියදිවි නසා ගැනීමට පෙළඹි ඇති බව සඳහන් වේ.

සමස්ථ සියදිවි නසාගැනීම්වලින් වැඩි පිරිසක් අනුරාධපුර, වව්නියාව, මොනරාගල ඇතුළු ග්‍රාමීය ප්‍රදේශවල අඩු අදායම් ලාභි පවුල් ආශ්‍රිතව සිදුව තිබේ.

මේ වන විට විවිධ ගැටලු හේතුවෙන් සියදිවි නසා ගැනීමට අරමුණු කරගත් විශාල පිරිසක් මේ වන‍ විට උපදේශන සේවා ලබාගනිමින් සිටින බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය හා කාර්යය බහුල ජිවිතය තුළ එකිනෙකාගේ කෙරෙහි දක්වන අවධානය, තේරුම් ගැනීම ගිලිහි යාමේ මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතු වී ඇති ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය සඳහන් කළේය.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතා පැවසුවේ පුද්ගලයෙකුට ඇති වන මානසික පීඩනය මරණයකින් කෙළවර වීම සහසම්බන්ධතාව ප්‍රගුණ කරන සමාජයකට නැවැත්විය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img