Sunday, September 13, 2026
HomeNEWSපිළිකා රෝගීන්ගේ ගිණුම්වලිනුත් සල්ලි හොරකම් කරලා

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලිනුත් සල්ලි හොරකම් කරලා

පිළිකා රෝගීන් දෙදෙනෙකු රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් අයුතු ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ තුනකට මුදලක් වංචා කරන ලද තරුණයෙකුට බරපතළ වැඩසහිත සිරදඬුවක් ‌නියම කර තිබේ.

හොරණ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (01) නියම කළේය.

මරණයත් සමග අහිංසක පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ඇති මුදල් වංචා කිරීම හේතුවෙන් විත්තිකරුට අදාළ දඬුවම් නියම කරන බව මහෙස්ත්‍රාත්වරයා, තීන්දු ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය.

එම සිද්ධියෙන් අගතියට පත් පිළිකා රෝගීන් දෙදෙනාට රුපියල් ලක්ෂයක වන්දියක් සහ රුපියල් එක්දහස් පන්සියක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියම කළ මහෙස්ත්‍රාත්වරයා වන්දි මුදලක් සහ දඩ මුදල් නොගෙවන්නේ නම අමතර මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්ද විත්තිකරුට නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වුයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි අබ්දුල් එලීම් වසීමුල්ලා නොමැති විත්තිකරුවෙකුටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ සමාජ මාධ්‍ය ඒකකය මඟින් විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආධාර උපකාර කරන ලෙසට සඳහන් පුවපත් දැන්වීමකට අනුව දුරකථන ඇමතුම් ලබාදී පැමිණිලිකාර පිළිකා රෝගින් දෙදෙනාගේ බැංකු ගිණුම්වලට ඇයුතු ලෙස ඇතුළු වී සැකකර මුදල් වංචා කර තිබෙන බව අධිකරයේදී අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img