Sunday, September 13, 2026
HomeNEWSසරසවි සිසුවියගේ මරණය ගැන තවත් තොරතුරු

සරසවි සිසුවියගේ මරණය ගැන තවත් තොරතුරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය සිහිසුන් ගතියකින් සිටිය දී පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මරණයට පත්ව තිබුණි.

එසේ මියගොස් ඇත්තේ රිදීගම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි අබේවර්ධන මුදලිගේ දොන් විද්‍යානි මදුමාලිකා ද සිල්වා නැමැති සිසුවියකි.

ඇය කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ආදි සිසුවියකි.

ඇය කලක සිට මානසික ආතතියකින් පෙළී ඇති අතර ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇත බවද පැවැසේ.

සිහිසුන්ව සිටි සිසුවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිහිය ලැබීමෙන් පසුව මානසික ආතතිය සඳහා ලබාදුන් ඖෂධ මාත්‍රාව ප්‍රමාණය ඉක්මවා ගත් බව පවසා ඇති බවද කියයි.

නැවත අසාධ්‍ය තත්ත්වයට පත් ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරව මරණයට පත්ව ඇත.

ඇය මරණයට පත්ව ඇත්තේ රෝගී තත්ත්වය සඳහා ගන්නා ලද ඖෂධ මාත්‍රාව වැරදීමකින් ප්‍රමාණය ඉක්මවා ගත් නිසාද නැත්නම් සියදිවි හානිකර ගැනීමට සඳහා සිතාමතාම ගත් නිසාද යන්න සෙයා බැලීම සඳහා පොලිස් පරීක්ෂණ සිදුකෙරන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ප්‍රකාශයෙක් පැවසීය.

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජිත විජේකෝන් මහතාගේ අධීක්ෂණය මත සිද්ධිය පිළිඳව පොලිස් පරික්ෂණ පේරාදෙණිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img