ඊයේ තරගය නැරඹීමට පැමිණි කුඩා දරුවෙක් අත තිබූ ප්රදර්ශන පුවරුවක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබේ.
එම පුවරුවේ සඳහන්ව තිබුණේ තමා තරගය නැරඹීමට පැමිණියේ තුන්ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් දැක බලා ගැනීමේ අරමුණ ඇතිව බවයි.
ඒ සම්බන්ධයෙන් සිය ප්රතිචාරය දැක්වු ඇන්ජලෝ මැතිව්ස් සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ සටහනක් එක්කර තිබේ.
එහි සඳහන් කර තිබුණේ තරගයේ සිවිවන දිනය වූ අද තරගය නැරඹීමට එම දරුවාට පැමිණෙන ලෙසත් එහිදී ඔහුව මුණ ගැසීමට තමා සූදානමින් සිටින බවත්ය.






















