පුද්ගලයෙක් අද (22) උදෑසන මුලටියන බස් නැවතුම්පොළේ වහලය උඩ විරෝධතාවයක් ආරම්භ කර තිබුණි.
ඔහු පවසන්නේ පහරදීමකට සම්බන්ධ සැකකරුවෙක් පිළිබඳව පොලීසිය නිසිපරිදි නීතිය ක්රියාත්මක නොකරන බවය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මාවරල පොලීසියේ ස්ථානාධිපතිවරයා හෝ මුලටියන ප්රාදේශීය ලේකම්වරයා පැමිණ තම ප්රශ්නයට විසදුම් ලබාදෙන තෙක් විරෝධය අත්නොහරින බවය.






















