Wednesday, September 23, 2026
HomeNEWS“පුනර්ජනනීයබලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි ...

“පුනර්ජනනීයබලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි …

“පුනර්ජනනීයබලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි …

සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විමර්ශනය කරයි. 

වර්තමාන ලෝකයේ බොහෝ රටවල් විදුලි බල උත්පාදනයේ දී පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීමට නැඹුරු වෙමින් සිටී. 

 “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරයි. 

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, කෙටිකාලීන ඉලක්ක ඇතිව ක්‍රමානුකූලව සහ කඩිනමින් සිදු කළ යුතු බව අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විදුලි උත්පාදනය පිළිබඳ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා සඳහන් කළේය. 

අනාගත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී බලශක්තිය සඳහා වැඩිවන ඉල්ලුම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ගැනීම රජයේ අරමුණයි. එහි පළමු අදියර යටතේ මන්නාරම දූප‍තේ ස්ථාපිත සුළං බලාගාර පද්ධතිය මෙගා වොට් 30ක ධාරිතාවක් ප්‍රධාන විදුලි බල පද්ධතියට එක් කර තිබේ. 

2021 අවසන් වන විට එම ධාරිතාව මෙගා වොට් 100 දක්වා වැඩි කෙරේ. චූන්නාක්කම් සහ පුනරින් යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ද සුළං බලාගාර ඉදි කරනු ලැබේ. සූර්ය බලයෙන් සහ ස්වභාවික වායු යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙගා වොට් සංඛ්‍යාව ක්‍රමානුකූලව ඉහළ නැංවීමට ද සැලසුම් කර ඇත. 

ව්‍යාපෘති ක්‍රියාවට නැංවිමේ දී පෞද්ගලික ව්‍යවසායකයන්ට  ඇති වන බාධා ඉවත් කොට ඒ සඳහා සියලු දිරි ගැන්වීම් රජය මගින් ලබාදිය යුතුයැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. සෙසු ආයතන මගින් පූර්ව අනුමැතිය ගෙන ආයෝජකයන්ට දීමේ වගකීම විදුලිබල අමාත්‍යාංශයට පැවරිණ. 

ආයෝජන මණ්ඩලය සහ විදුලි බල අමාත්‍යාංශය එක්ව ආයෝජන අවස්ථා හඳුනාගෙන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුයැයි ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. 

සූර්ය කෝෂ මාර්ගයෙන් බලශක්තිය නිෂ්පාදනය සැලසුම් කිහිපයක් යටතේ සිදු කෙරේ. සමෘද්ධි පවුල් ලක්ෂයක් හඳුනාගෙන නිවාස වහල මත සූර්ය කෝෂ ඉදිකර ඔවුන්ට ආදායමක් හිමිවන සේ එක් ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවේ. ඒ සඳහා නිවසකට වැය වන රුපියල් ලක්ෂ 08ක මුදල රජයෙන් දැරිය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීහු සහ අදාළ ආයතනවල සභාපතිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img