Wednesday, September 16, 2026
HomeNEWSපුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ෆවුසි

පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ෆවුසි

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු  වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතාගේ නම ගැසට් කර තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ පුරපති ධූරයට තරග කිරීමට සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගිය 20 වනදා ඉල්ලා අස්වී තිබුණි.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමත් සමග හිටපු අමාත්‍යවරයෙකු වන ඒ.එච්.එම් ෆවුසි මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව උදාවී තිබේ.

ඒ අනුව පරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් කර ඇති බව සඳහන්ය.

පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 06ක් හිමිවූ ඒ.එච්.එම් ෆවුසි මහතාට මනාප 48,701ක් හිමිව තිබුණි.

ඒ අනුව ඔහු මනාප ලැයිස්තුවේ 07වන ස්ථානයට පත් වුණි.

කොළඹ හිටපු නගරාධිපතිරයෙකු ද වන ඒ.එච්.එම් ෆවුසි මහතා මේ වන විට 85 වියෙහි පසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞදියේ – ජෙඩා කොන්සල් කාර්යාලයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස්

බටහිර කලාපයේ මතුවන තත්ත්වය නිසා, සෞදියේ - ජෙඩා කොන්සල් කාර්යාලය එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස් නිකුත් කරයි. අදාල පණිවුඩ ගැන අවධානයෙන් සිටින ලෙසත්...

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img