පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමි අගමැතිගෙන් කළ ඉල්ලීම
ජනතාව යුතුකම් ඉටුකළ ආකාරයෙන්ම රජය ජනතාවට යුතුකම් ඉටුකළ යුතු කාලය එළඹ ඇති බව අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමි පවසති.
උන්වහන්සේ පවසන්නේ 2015 මහ මැතිවරණයේ දී ජනතාව අතින් සිදුවූ වැරැද්ද, බහුතර බලයක් ලබා දෙමින් ඔවුන් විසින්ම මෙවර මහ මැතිවරණයේ දී නිවැරදි කර ඇති බවය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳපුදාගෙන අශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමි බැහැදුටු අවස්ථාවේ දී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
“රටට අහිතකර ව්‍යවස්ථාව වෙනස් කරමින් නව ව්‍යවස්තාවක් මගින් ජනතාවට සහන ලබාදීම රජයේ වගකීමක්” යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.
රටේ ජනතාව සෑමවිටම අග්‍රාමාත්‍යවරයා රට ජාතිය ආගම ආරක්ෂා කරන බවට විශ්වාසයෙන් සිටින අතර එම විශ්වාසය ඉදිරියටත් ආරක්ෂා කරගත යුතු බව එහිදී උන්වහන්සේ පෙන්වා දුන්හ.
එමෙන්ම අනුරාධපුර අටමස්ථානයට පහසුකම් සලසා බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව ද උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවසූහ.
අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය ඇතුළු සිද්ධස්ථාන වැඳපුදාගත් අතර මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඒ මහතා වන්වැලි සෑ චෛත්‍යරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදුටුවේය.
ඉන් අනතුරුව රුවන්වැලි සෑ රදුන් වැඳපුදා ගත්තේය.
පසුව අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
අග්‍රාමාත්‍යවරයා ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගත්තේ ඉන් අනතුරුවය.
ඉන් පසුව මිරිසවැටිය මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ඊතල්වැටුණවැවේ ඥානතිලක හිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා පැමිණියේ ජයන්ති මහා විහාරයටය.
එහිදී අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය නුගේතැන්න පඤ්ඤානන්ද හිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
























