Thursday, April 16, 2026
HomeNEWSපෘතුගාලයේ පාපන්දු ශූරයා ඩියෝගෝ මරුට.

පෘතුගාලයේ පාපන්දු ශූරයා ඩියෝගෝ මරුට.

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.ඩියෝගෝ ගිවිසගෙන සිටි රූට් කාර්ඩෝසෝ සමග පසුගිය ජුනි 22 වනදා විවාහ වී තිබේ.විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක විය.එමෙන්ම ඉකුත් ජුනි මාසයේ පැවති නේෂන්ස් ලීගයේ අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය පරාජය කර ශූරතාව තම රටට දිනාදීමටද කැපවූ අයෙක්ය.විදෙස් මාධ්‍ය පවසන්නේ ඩියෝගෝ ජාත්‍යන්තර තරග 50කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති විශිෂ්ට ක්‍රීඩකයෙකු බවය.එමෙන්ම ඩියෝගෝ ගේ සහ ඇන්ඩ්‍රේ ගේ අභාවය පෘතුගාල පාපන්දු ක්‍රීඩාවට පියවිය නොහැකි පාඩුවක් බවද සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img