ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් ඊට සමගාමිව රජය ඉතාමත් සුවිශේෂි කාර්යයන් කිහිපයක් අද දින ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මෙවර “සියල්ලන්නට ප්‍රථම දරුවෝ” යන තේමාව යටතේ ලෝක ළමා දින ජාතික සැමරුම් මාලාව අද දින ඉතාමත් සාර්ථක ලෙස ආරම්භ කිරීමට හැකියාව ලැබුණු බවද සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අද දින (2021.10.01) මෙම අදහස් දැක්වීය.
බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය යටතේ පෙරපාසල් ගුරුවරු 1500 ට විශ්වවිද්‍යාල හතරකින් ඩිප්ලෝමා පාඨමාලා ලබාදීම ආරම්භ කිරීමට හැකි වූ බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා පෙරපාසල් දරුවන් වෙනුවෙන්ද රූපවාහිනි නාලිකා 02 ක් වෙන් කිරීම පිළිබඳව සාකච්ඡා ඇරඹිමටද අද දිනයේ හැකි වූ බව වැඩිදුරටත් සඳහන් කළේය.
දරුවන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් මෙම මස 01 සිට 30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද එම වැඩසටහන් මාලාව තුළදි දරුවන් පරිසරයට දක්වන බැඳීම වැඩි කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් එතුළින් පරිසර හිතකාමි අනාගත පරපුරක් අපේක්ෂා කිරීමට හැකි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පලකළේය.
කොවිඩ් වසංගතය දරුවන්ගේ සහ දෙමාපියන්ගේ මානසික තත්වයට සිදු කර ඇති අයහපත් බලපෑම්සහගත තත්වය හැකිතාක් දුරට අවම කර ගැනීමේ අපේක්ෂාවෙන් සෞන්දර්යාත්මක වැඩසටහන් කෙරෙහි යොමු කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් අමාත්‍යවරයා ඉහත අරමුණ ඉෂ්ඨ කර ගැනීම සඳහා “අම්මාවරුනේ” නමින් විශේෂ රසවින්දනාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩකටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙන බවද සඳහන් කළේය. මෙම වැඩසටහන් මාලාවේ පළමු වැන්න එලැඹෙන 03 වෙනිදා ආරම්භ කිරීමට නියමිතය.
ළමා හිංසනය හා අපයෝජනය පූර්ණකාලීනව නතර කිරීම සඳහා ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙළ යටතේ විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක බව මෙහිදි සඳහන් කළ අමාත්‍යවරයා ගෘහ සේවයට දරුවන් යොදා ගැනීමේ ගැටලුවට විසඳුමක් වශයෙන් ගෘහ සේවයට යෙදෙන පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළදි ලියාපදිංචිය අනිවාර්ය කර විධිමත් නියාමනයකට යටත් කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදි සඳහන් කළේය.
ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන් මාලාවන් ඔස්සේ දරුවන්ට යහපත් හෙට දවසක් උදා කිරීමට රජය කැපවන බවත් පියල් නිශාන්ත මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.






















