Saturday, August 29, 2026
HomeNEWSපේරාදෙණිය ශික්ෂණ රෝහලේ වර්ජනයක්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වර්ජනයක්

පේරාදෙණිය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලයේ වෘත්තීය සමිති 13ක් අද (01) අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවෙමින් සිටී.

ඒ අත්‍යවශ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

එම වැඩවර්ජනය සඳහා සේවක සේවිකාවන් 400කට ආසන්න පිරිසක් එක්ව සිටින බව වාර්තා වෙයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් පේරාදෙණිය හෙද නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති, එස්.ඩී.බී අරුණ ශාන්ත මහතා පවසා සිටියේ, රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ නොමැති වීම මෙම වැඩවර්ජනයට මුලික හේතුව වු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අපි වෘත්තීය අරගලය කරත් කිසිදු රෝගියෙකුගේ ජීවිතයට හානියක් නොවන ආකාරයට සෑම වාට්ටුවකම හදිසි ප්‍රතිකාර තියලා. දැඩි සත්කාරයේ කිසිදු නිලධාරියෙක් එළියට ගත්තේ නෑ. මේකට ප්‍රධාන අරමුණ පරිපාලනය විසින් ගන්නා දැඩි තීරණයි. කිසිදු නම්‍යශීලි බවක් නෑ. අපිට සේවා ස්ථානයේ ආරක්ෂාවක් තියෙන්න ඕනේ. වාට්ටුවල තැන් තැන්වල කොවිඩ් රෝගීන් මතුවෙනවා. අපේ බලාපොරොත්තුව අපිට ආරක්ෂාව ලබාදෙන්න.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තරුණියක් පැහැරගෙන අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

තරුණියක් පැහැරගෙන යන බවට වාර්තා වූ මෝටර් රථයක් නාවල පාර මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ නිසා පොලිසියෙන් වෙඩි. තරුණිය සහ මෝටර් රථය අතහැර...

සෙවනගල සීනි කම්හල තාවකාලිකව වසා දැමේ

සේවක පිරිසක් රාජකාරියෙන් බැහැරව නිෂ්පාදන ආරම්භ නොකිරීම හේතුවෙන්, සෙවනගල සීනි කම්හල අද (29) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට කළමනාකාරීත්වය තීරණය කරයි: ලංකා...

22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන්...

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img