Monday, September 21, 2026
HomeNEWSපොලිස්පතිට තර්ජනය කළාට විමර්ශන නවත්වන්නේ නෑ- ඇමති ආනන්ද විජේපාල

පොලිස්පතිට තර්ජනය කළාට විමර්ශන නවත්වන්නේ නෑ- ඇමති ආනන්ද විජේපාල

පොහොට්ටුවේ මහ ලේකම්වරයා පොලිස්පතිට සිදුකළ තර්ජනය නීතියේ ආධිපත්‍යයට සිදු සිදුකළ තර්ජනයක් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන කල් තැබීමේ අවස්ථාවේ විවාදයට සහභාගි වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නීතියේ ආධිපත්‍යයට එරෙහිව සිදු කළ මෙම තර්ජනය පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පොලිස්පතිවරයාට මෙම තර්ජනය කළේ කවුද? කුමක්ද මේ දේශපාලන ව්‍යාපාරය ඔවුන්ගේ අරමුණ කුමක්ද? වර්තමාන පොලිස්පතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව, අල්ලස දූෂණයට එරෙහිව, වංචාවට එරෙහිව විමර්ශන සිදුකරමින් විශාල වැඩ කොටසක් කරනවා.

එවැනි නිලධාරියෙකුට මේ වගේ තර්ජනයක් සිදු කිරීම නීතියේ ආධිපත්‍යයට එරෙහිව සිදුකළ බරපතළ ප්‍රකාශයක්.

විවිධ ජාවාරම්කරුවන්ගෙන් පෝෂණය වෙමින් ඔවුන්ගේ ජාවාරම්වලට උඩගෙඩි දුන්නු කට්ටිය දැන් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙනවාට කැමති නැහැ. එතකොට මේ ආකාරයෙන් තර්ජනය කරන පක්ෂවල නායකයින් සුදු ඇඳගෙන සාටක දාගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒවා අනුමත කරනවා.

නමුත් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන, අපරාධ, මූල්‍ය වංචා මේ කිසිවක විමර්ශන අප නතර කරන්නේ නැහැ. සමහර නඩු ඉල්ලා අස්කරගෙන තිබුණා. සමහර ෆයිල් වහල දාලා තිබුණා.

නමුත් දැන් ඒවා යළි ක්‍රියාත්මකයි. ඒවා යළි ක්‍රියාත්මක වෙනකොට ඒවාට විරුද්ධව තමයි මේ තර්ජනය කිරීම් සිදු කරන්නේ . ඒක නිසා වර්තමාන පොලිස්පතිවරයා ජාත්‍යන්තරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ද අල්ලාගෙන එනවා. ඒ නිසා පොලිසිය නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරනවා. ඒ නිසා නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන නිලධාරීන් අපි ආරක්ෂා කරනවා. මේ මොන තර්ජන සිදු කළත් අපි නීතිය අනුව මේ වංචාව දූෂණය නැති කිරීම, පාතාලය මර්ධනය කිරීම, කුඩු වැටලීම් දිගටම සිදු කරනවා. ඒවා නතර කරන්නේ නැහැ. ඒවා දිගින් දිගටම කරනවා. යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img