Saturday, November 14, 2026
HomeNEWSLatest Newsපොලිස් කොවිඩ් පොකුර 800 ඉක්මවයි

පොලිස් කොවිඩ් පොකුර 800 ඉක්මවයි

පොලිස් කොවිඩ් පොකුර 800 ඉක්මවයි

ඊයේ (18) මෙරටදී හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් අතරට පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද අයත් වන අතර ඉන් 06 දෙනෙකුම පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් වේ.

ඒ අනුව ආසාදිතයන් ලෙස හදුනාගත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 833 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 203 ක් පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් ය. 

මේ අතර පේරාදෙණිය පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමග එම පොලිස් ස්ථානයෙන් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පළමුවරට හඳුනාගැනුණේ ඉකුත් 15 වනදා ය.

අලුතින් හඳුනාගත් ආසාදිතයින් සිව්දෙනා අතරින් තිදෙනෙකුම රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් වන අතර අනෙක් පුද්ගලයා කොවිඩ් ආසාදිතයින් සෙවීමේ රාජකාරි කටයුතුවලට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙකි.

මේ හේතුවෙන් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 135 දෙනාම ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු සඳහා වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් නව කණ්ඩායමක් තාවකාලිකව පත් කිරීමට පොලිසිය පියවරගෙන ඇතැයි වාර්තා වේ.

එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිත වෛරස ආසාදිතයින් ගණන 532 ක් දක්වා ඉහළගොස් තිබේ.

ඒ, ඊයේ වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් නව ආසාදිතයින් 21දෙනා ද සමගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විජේවීර සහෝදරයට සම්පූර්ණයෙන්ම පිටුපාලා ජවිපෙ අද ආණ්ඩු කරනවා- දුමින්ද නාගමුව

" දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය " මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ දින ( 2026. 11. 13...

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img