Friday, October 30, 2026
HomeNEWSපොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳවැටෙයි - ජනතාවගෙන් ඉල්ලීමක්

පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳවැටෙයි – ජනතාවගෙන් ඉල්ලීමක්

පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරන නිෂ්කාශන සහතිකපත් සම්බන්ධ දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මගින් මෙම නිෂ්කාශන සහතිකපත් නිකුත් කරනු ලබන අතර, අයදුම්පත් භාරගැනීම, වාර්තා කැඳවීම සහ සහතිකපත් මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් හරහා සිදුකරනු ලබයි.

කෙසේවෙතත්, එම දත්ත පද්ධතිය ඊයේ (20) දහවල් 12.50 සිට අක්‍රිය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පද්ධතිය යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය  දැනුවත් කර ඇති අතර, මේ වනවිට ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද පොලීසිය පැවසීය.

ඒ අනුව දත්ත පද්ධතිය යථාවත් වන තෙක් නිෂ්කාශන වාර්තා සඳහා අයදුම් නොකරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

දත්ත පද්ධතිය යථාවත් කළ වහාම නිෂ්කාශන වාර්තා සඳහා අයදුම්පත් නැවත ඉදිරිපත් කිරීමට හැකි බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img