Tuesday, September 22, 2026
HomeNEWSපොලිස් වාර්තා ලබා ගැනීමට අවශ්‍ය සහතික සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි

පොලිස් වාර්තා ලබා ගැනීමට අවශ්‍ය සහතික සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි

*පොලිස් වාර්තාවක් ගැනීමේ දී සිවිල් ආරක්ෂක කමිටු සභාපතිගේ සහතිකය අවශ්‍ය බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවක වරක් සාක්ෂි සහිතව පෙන්වා දෙයි*ස්ථාවර නියෝග 91 ‘ඌ’ අනුව කිසිම මන්ත්‍රීවරයකු වෙනත් මන්ත්‍රීවරයකුට කිසිදු ආරා්පිත චෝදනාවක් කිරීම හෝ වෙනත් මන්ත්‍රිවරයකුගේ පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් සඳහන් කිරීම කරනු නොලැබිය යුත්තේය යනුවෙන් සඳහන් බවත් ඒ අනුව තමා සම්බන්ධයෙන් සභාවේ සිදු වූ කතා අනුව තමාගේ වරප්‍රසාද කඩවූ බවත් තමා කරුණු ඉදිරිපත් කරන විට ඒවා බොරු යැයි කියා තමාට චෝදනා එල්ල කරන මුත් තමා බොරුවක් නොව සත්‍යයක් ඉදිරිපත් කර ඇති බවත් පොලිස් සහතිකයක් ලබා ගන්නා විට මහජන ආරක්ෂක කමිටු හෝ සිවිල් ආරක්ෂක කමිටුවේ අනිවාර්ය නිර්දේශය ලබා දිය යුතුය යන කරුණු බොරුවක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.මේ සම්බන්ධයෙන් හක්මන පොලිස් ස්ථානාධිපතිවරයාට යොමු කළ ලිපි දෙකක් ඇති බවත් ඒ ලිපි යොමු කර ඇත්තේ මහජන ආරක්ෂක කමිටුව 280 බී බඩබද්ද යන ග්‍රාම සේවා වසමේ යසන්ත ආරියසේන නම් සභාපතිවරයා බවත් මේ සියලු ලිපි හැන්සාඩ් ගත කරන බවත් මේ තුළින් කවුද ඇත්ත කතා කරන්නේ කියා හෙළිවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මාතර පොලිසියේ දැන්වීම් පුවරුවේ පවා මෙවැනි දැනුම් දීමක් ඇති බවත් ඒ අනුව පොලිස් වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි අතර සිවිල් ආරක්ෂක කමිටුවේ ලිපිය සඳහන් බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ මතු කළ පසු අද උදේ ඒ කොටස පමණක් මකා ඇති බවත් තමා ඇත්ත සත්‍ය පෙන්වා දුන් බවත් රටේ ජනතාව මේ යථාර්ථය තේරුම් ගන්නා බවත් මේ ඇත්ත කතා කළ මාධ්‍යවේදීන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම වැරදි ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටින විට පාර්ලිමෙන්තුවෙන් එයට බාධා පැමිණිවිනි.https://youtu.be/Rl5QT6lJTz8?si=Fuu4lFr9xLK9SxVV

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img