Tuesday, August 25, 2026
HomeNEWSපොලිස් විශේෂ මෙහෙයුමකින් 3880ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ මෙහෙයුමකින් 3880ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ මෙහෙයුමකින් 3880ක් අත්අඩංගුවට

දිවයිනම ආවරණය වනපරිදි ඊයේ (13) දිනයේ විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එහිදී අත්අඩංගුවටගෙන ඇති සංඛ්‍යාව 3,880කි.

විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින 672ක්, වරෙන්තු නිකුත් කරඇති 1,572ක්, විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි පුද්ගලයින් 127ක්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 983ක්, නීති විරෝධී ගිනිඅවි ළඟතබා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු සහ ගිනිඅවි 8ක් සහ බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 518 දෙනෙකු එහිදී අත්අඩංගුවටගෙන තිබේ. 

පොලිස් ස්ථාන 494ක නිලධාරීන් 16,894ක් මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ වී තිබේ.

පොලිස් නිල සුනඛයින් 60ක් ද මෙම මෙහෙයුම් සඳහා සම්බන්ධ කරගෙන තිබූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අධිකරණය මගින් නිකුත් කළ බැඳුම්කරයකට, ඇප නියෝගයකට, සිතාසියකට හෝ නොතීසියකට පටහැනිව යම් අයෙකු කටයුතුකර තිබේ නම් ඒ අයට වරෙන්තු නිකුත් කෙරෙන බවත් එවැනි අවස්ථාවක ඔවුන් වහාම මෝසමක් මගින් අධිකරණයට භාරවීම හෝ පොලීසියට භාරවීම කළයුතු බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img