Sunday, November 15, 2026
HomeNEWSපොළොන්නරුවේ සහ සීගිරියේ යෑමට බලාපොරොත්තුවන දේශීය සංචාරකයින්ට පණිවුඩයක්

පොළොන්නරුවේ සහ සීගිරියේ යෑමට බලාපොරොත්තුවන දේශීය සංචාරකයින්ට පණිවුඩයක්

හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් දේශීය සංචාරකයින්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින් පිරිස එම ස්ථානවල සංචාරය කිරීමට නියමිත බැවින් එම කාලය තුළ දේශීය සංචාරකයින්ට අදාළ ස්ථානවලට පැමිණීමේ අවස්ථාව හිමි නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පෙන්වා දෙයි.

ඒ අනුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02 සහ ආලාභ පිරිවෙණ සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිමගෙය හා නෙළුම් පොකුණ යන සංචාරක ස්ථාන හෙට පස්වරු 1.00න් පසු කාලය දේශීය සංචාරකයන්ට විවෘත නොවනු ඇත.

එමෙන්ම එම සංචාරකයන් ලබන 5 වනදා පෙරවරුවේ සීගිරිය සංචාරක කලාපය නැරඹීමට පැමිණෙන බැවින් එදින දහවල් 12.00 දක්වා එම කලාපය ද දේශීය සංචාරකයින්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img