ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරකයක් සඳහා අද පෙරවරු කටුනායක ගුවන්තොටුපලට පැමිණි පෝලන්ත විදේශ අමාත්‍ය රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබීය. යුරෝපා සංගම් කවුන්සිලයේ ද සභාපතීත්වය දරන පෝලන්ත විදේශ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි.






















