පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ගමනාගමන මණ්ඩලය හරහා සැපයීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඔහු පෙන්වා දුන්නේ මාර්ග බලපත්‍ර ඇති පෞද්ගලික බස්රථ සඳහා පමණක් එලෙස ඉන්ධන සැපයීමට පියවර ගන්නා බවය.
“අපි තෙල් සංස්ථාවේ සභාපති සමග සාකච්ඡා කළා. මාර්ග බලපත්‍ර තිබෙන පෞද්ගලික බස්රථවලට ඒ ඒ ඩිපෝවලින් ඉන්ධන සපයන්න. ඒ සඳහා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය අපි ඇනවුම් කරනවා.”
“අනිවාර්යය කරලා නෑ. කැමති කෙනෙක්ට ගන්න පුළුවන්.”
“කවුද කියලා තිබ්බා මට.. විහිළු සපයන්න එපා කියලා. එතුමගේ සංගමයේ බස් රථවලට ඉන්ධන අවශ්‍ය නැත්නම් මම අද දැනුම් දෙන්නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිට ඒ බස් රථවලට ඉන්ධන නිකුත් කරන්න එපා කියලා.”






















