Wednesday, November 11, 2026
HomeNEWSබඩඉරිඟු සහ තේ වගාකරුවන් ට සුබ පණිවුඩයක්

බඩඉරිඟු සහ තේ වගාකරුවන් ට සුබ පණිවුඩයක්

බඩඉරිඟු සහ තේ වගාව සඳහා අවශ්‍ය රසායනික හා කාබනික පොහොර කඩිනමින් ලබාදීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා පවසයි.

රත්නපුරයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ බඩ ඉරිඟු ගොවීන්ට බීජ සඳහා සහනාධාරයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“අපි තේ වගාව සඳහා පොහොර ලබාදෙන්නත් ඒ වගේම බඩ ඉරිඟු වගාවට අවශ්‍ය පොහොර අපි බලාපොරොත්තු වෙනවා වගාවට රසායනික හා කාබනික පොහොර දෙකම ලබලා දෙන්න. ඒ වගේම ඒ අයට බීජ සඳහා සහනාධාරයක් දීලා මේ අවුරුද්දේ හෙක්ටයාර් ලක්ෂයක් බඩ ඉරිඟු වගා කරන්න කටයුතු කරන්න. ජනාධිපතිතුමා මට ඊයේ උපදෙස් දුන්නා ගොවියාට අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න ඒ අවශ්‍ය කටයුතු කරන්න කියලා. අද අපි මේ පිළිබඳව සාකච්ඡා කරා අවශ්‍ය කරන පොහොර, කොපමණ ප්‍රමාණයක් අවශ්‍යය ද කියලා. ඒ පොහොර ප්‍රමාණය ඉතා ඉක්මනින් ගොවියාට ලබලා දෙන්න කටයුතු කරනවා. මේ වෙන විට අපේ ගෙනාපු පොහොර ටිකක් තියෙනවා අපි ඒක ගොවීන්ට බෙදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය වුණොත් ආනයනය කරන්නත් බලාපොරොත්තු වෙනවා. අනෙකුත් සියලුම බෝග වර්ගවල තියෙන ප්‍රශ්න සාධාරණීකරණය කරලා විසඳන්න බලපොරොත්තු වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img