Sunday, November 1, 2026
HomeNEWSබදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගේ දුරකථන සංවාද වාර්තා පොලීසියට සපයන ලෙස අධිකරණයෙන්...

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගේ දුරකථන සංවාද වාර්තා පොලීසියට සපයන ලෙස අධිකරණයෙන් නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගේ දුරකථන සංවාද විශ්ලේෂණ වාර්තා වහාම බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙස අධිකරණය නියෝගකර තිබේ.

බොරැල්ල පොලීසිය මෝසමක් මගින් කළ ඉල්ලීමකට අනූව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (19) එම නියෝගය කළාය.

පිළිස්සුම් තුවාල සහිතව එම දැරිය කොළඹ ජාතික රෝහලේ දී පසුගිය දා මිය ගිය අතර පසුව හෙළිදරව් වී ඇත්තේ එම දැරිය ලිංගික අපයෝජනයට ද ලක්වී ඇති බවය.

මේ අතර අදාළ දැරියව හැටන් ප්‍රදේශයේ සිට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට රැගෙන ආ තැරැව්කාරුගේ බැංකු ගිණුම් වාර්තා ද බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙසට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කළ බව “අද දෙරණ අධිකරණ“ වාර්තාකරු පැවසීය.

අදාළ දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දුරකථන සංවාද විශ්ලේෂණ වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා අවශ්‍ය බවට බොරැල්ල පොලීසිය විසින් මෝසමක් මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ නියෝගය නිකුත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img