Sunday, November 1, 2026
HomeNEWSලීටර් 18 ගෑස් සිලින්ඩරයේ මිල අඩු කෙරේ

ලීටර් 18 ගෑස් සිලින්ඩරයේ මිල අඩු කෙරේ

අලුතින් හඳුන්වාදුන් ලීටර් 18  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය  හිමිවූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

අදාළ ගෑස් සිලින්ඩරය රුපියල් 1,395ක මුදලකට අලෙවි කිරීම සඳහා ලීට්‍රෝ ගෑස් සමාගම විසින් පසුගියදා හඳුන්වාදී තිබුණි.

ඒ අනුව පාරිභෝගිකයාට පෙර මිලට සාපේක්ෂව රුපියල් 245ක සහන මිලකට ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් මිලට ගත හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img