Monday, November 9, 2026
HomeNEWSබන්දුලගෙන් උපායක්

බන්දුලගෙන් උපායක්

වත්මන් ඩොලර් හිඟයක මඟ හරවා ගැනීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයෙකුගෙන් මාසිකව ඩොලර් සියයක මුදලක් මෙරටට ගෙන්වාගැනීමට නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (23) රාත්‍රී “ටීවි දෙරණ” ඔස්සේ විකාශය වු අලුත් පාර්මේන්තුව වැඩසටහන සමග එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම අදහස් පළ කළේය.

“අපි යෝජනාවක් කරලා තියෙනවා. ඒ යෝජනාව සලකා බලමින් යනවා. ඩුබායිවල ඉන්නවා ලක්ෂ 3ක් ශ්‍රී ලාංකිකයින්. අනෙක් රටවලත් ඉන්නවා මේ වගේ විශාල පිරිසක්. ඔවුන් මැදපෙරදිග ඇතුළු රටවලට ගිහින් තියෙන්නේ තමන්ට කියලා ඉඩමක් ගන්න, ගෙයක් හදාගන්න. දරුවන්ට උගන්වන්න. ව්‍යාපාරයක් පටන් ගන්න. අපි ඒ අයට කියනවා ඔබ රටවිරුවෙක් හැටියට රට පත්වෙලා තියෙන තත්ත්වය තුළ හැම මාසයකම ඩොලර් 100ක් ස්ථීර තැන්පතුවකට එවන්න. එතකොට ඩොලර් 1,200ක් හම්බ වෙනවා වර්ෂයක් තුළ. වර්ෂය තුළ දී හම්බවෙන මුදල මෙන් 10 ගුණයක් රුපියල්වලින් ලක්ෂ 25ක ණයක් දෙනවා. ඔවුන්ට අවුරුදු 10කින් ගෙවන්න. ලක්ෂ 25 ණය දෙන්නේ සාමාන්‍ය පොළියට නෙමෙයි. 6%ක් වගේ විශාල අඩු පොළියකට. අඩු පොළියකට දුන්නොත් ලක්ෂ 25කට අවුරුදු 10ක් ණය දුන්නොත් රුපියල් ලක්ෂ 15ක් තමා පොළිය ලැබෙන්නේ. මේ පොළිය මාස 120න් බෙදුවොත් වාරිකයක හැටියට ගෙවන්න වෙන්නේ රුපියල්  33,333යි. එයා හිතනවා උන්ඩියල් ක්‍රමයට රුපියල් 20ක් තාවකාලිකව ගන්නවා ට වඩා මම ස්ථාවර දේට අරන් ගෙයක් හදාගන්නවා ඉඩමක් ගන්නවා කියලා. ව්‍යාපාරයක් පටන් ගන්න මේ මුදල රටට එවන්න පුළුවන් කියලා. ඒක උපායක්.”

කෙසේවෙතත් වත්මන් ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස පොලී අනුපාතය ඉහළ දමා ඩොලරයේ අගය පාලනය කිරීමකින් තොරව පවත්වාගෙන යා යුතු බව අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමග එක්වු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වු ඉරාන් වික්‍රමරත්න මහතා,

“රජයක් ඩොලර් එකක් ගන්න මිලක් තියෙනවා නේ, ඒ මිලටම ඩොලර් එක විකුණන්න ඕනේ. තියෙන්න පුළුවන් පොඩි ස්පෙඩ් එකක්. ගන්න මිලට විකුණන් පුළුවන් වෙන්න ඕනේ රජයකට. එහෙම කළේ  නැත්නම් එක ප්‍රශ්නයක්වත් විසඳන්න බෑ. පාලනය හරහා විසඳන්න බෑ මේක.”

මේ පිළිබඳ අදහස් දැක්වු  හර්ෂ ද සිල්වා

“ඔයගොල්ලන්ට කරන්න තියෙන දේ තමා මම දකින විදියට පොළිය අනුපාතයේ එජස්ට්මන්ට් එකක් කරන්න. අඩුම තරමේ 5%කින්වත් පොළිය අනුපාතය ඉහළ දාන්න වෙනවා. කෙටි කාලීනව කරන්න තියෙන දෙයක්. පොළිය අනුපාතය 5%කින්වත් ඉහළ දැමුවාට පස්සේ, රුපියල ඩොලරයක සාපේක්ෂව වෙළෙඳපොළේ අලුත් සමතුලිත මිලකට වෙළෙඳපොළ හරහා ගේන්න සිද්දවෙනවා. එහෙම නැත්නම් වෙළෙඳපොළ ට ස්ථාවර මිලක් හොයාගන්න අවස්ථාව දෙන්න පුළුවන්. එතකොට ඩොලර් සැපයුම වැඩිවෙනවා. සැපයුම වැඩි වෙනකොට ඉල්ලුම ට සාපේක්ෂව යම් සමතුලිත තැනකට මේ ඩොලර් එක එනවා. ඔයාලා තව දුරටත් මේක කල්දැමීමෙන් වෙන්නේ දැන් තියෙන තත්ත්වයත් නැතිවෙලා යනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img